වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය – අර්ජුන්, මම සෑම සතියෙම ‘මේ පොත ඔබටද’, ‘චිත්‍රපට දිනන්න’ පෝස්කාඩ් පුරවලා එවනවා. ඒත් එක සතියකවත් ජයග්‍රහණයක් නැහැ. ඇයි ඒ?

සරත් සේනාධීර, ජා- ඇල, කලඑළිය

අර්ජුන් – තව තවත් තරග කරන්න. තරගකරුවන් බොහොමයි.

ප්‍රශ්නය – ‘මාතලන්’ චිත්‍රපටයේ ‘පෙම් මාලා ගෙලේ ගොතා පලඳන්නම්’ යන යුග ගීතය, මාතලන් සමඟ ගී ගයමින්, මාතලන්ගේ පෙම්වතිය ලෙස රඟපාන නිළිය කවුරුන්ද?

තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල, තටාකය පාර, කෑගල්ල

අර්ජුන් – රත්නා කුමාරි. ඇය ‘අහංකාර ස්ත්‍රී’ ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපෑවා. අද ඇය ගැන කිසිම තොරතුරක් නැහැ. දන්නා කෙනෙක් සිටිනවා නම් සරසවියට තොරතුරු එවන්න.

ප්‍රශ්නය – වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට ගීත ගායනා කර ඇති ගායන ශිල්පියා කවුරුන්ද?

පී. වයි. අනුලාවතී, කුඩාගම, අව්ස්සාවේල්ල

අර්ජුන් – ඇයි අනුලා ජෝතිපාල ඇර වෙන කවුද?

ප්‍රශ්නය – හින්දි සිනමාවේ අමිතාබ් භච්චන් ගේ රූපය අපේ සිනමාවේ සටන් නළු රොබින් ප්‍රනාන්දු අනුකරණය කරනවා වගේ මා හට පුවත්පත්වල ඡායාරූපවලින් පෙනී යන්නේ. ඔබේ අදහස කුමක්ද?

ඊ. දයානන්ද සිල්වා, සීනිගම, හික්කඩුව

අර්ජුන් – මගේ මතය ඉන්දියානුවන්ගේ මතයයි.

ප්‍රශ්නය – පැරැණි චිත්‍රපට සංරක්‍ෂක හේමපි‍්‍රය කන්නම්බි මහතාගේ දුරකථන අංකය ලබා දෙන්න.

කේ. නිව්ටන් පෙරේරා, කටුනේරිය

අර්ජුන් – 077-7710564

ප්‍රශ්නය – ජනපි‍්‍රය නිළි සන්ධ්‍යා කුමාරි රඟපෑ අවසන් චිත්‍රපටය කුමක්ද?

කවිඳු රාජගුරු, කුරුණෑගල

අර්ජුන් – ‘අලි බබා සහ හොරු හතළිහ’

ප්‍රශ්නය – ජැක්සන් ඇන්තනි ගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය ගැන ඔබගේ අදහස කුමක්ද?

අයිලීන් සෝවිස්

වැලිසර, රාගම

අර්ජුන් – ඇඩ්‍රස් නෑ.

ඔබේ සිනමා පැන විසඳුම්

අර්ජුන්ගෙන් පිළිතුරු.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10