|
‘මේ වගේ ආදරයක්’ සමඟ තවත් කථානායකයෙක් සිනමාවට...ස්ක්‍රීන් ටෙස්ට් එකක්වත් නැතිවයි ඔහු මට මේ චරිතය දුන්නේ...
සිනමාවේ නැවුම් තාරුණ්‍යය අනුජ් රණසිංහ
මේ අප සිනමාවට අලුත් කතා නායකයින් බිහි වන යුගයකි. ප්‍රවේගය සමඟින් හේමාල් රණසිංහ සිනමා ලෝලීන්ගේ හදවත් හි ළැඟුම් ගනිද්දී චන්ද්‍රන් රත්නම්ගේ නවතම සිනමා සිතුවම වන මේ වගේ ආදරයක් හි පෙම්වතා වෙමින් තවත් අලුත් කතානායකයෙක් රිදී තිරයට පැමිණ තිබේ. ඒ අනුජ් රණසිංහයි. නිරූපණ ශිල්පියකු වශයෙන් ක්ෂේත්රයට අවතීර්ණ වූ ඔහු සයුරි ටෙලි සිතුවමට දායක වෙමින් නළුවකු ලෙස කලඑළියට පැමිණියේය. ඉන් අනතුරුව අනුජ්ව අපට හමුවන්නේ මේ වගේ ආදරයක් සිනමා සිතුවම හරහායි. අනුජ් එකම එක ටෙලි නාට්‍යයෙයි රඟපෑවෙ. ඉන් පස්සෙ සිනමා සිතුවමක ප්‍රධාන භූමිකාව ඔබට ලැබුණා. මොකද හිතෙන්නෙ? මාරයි කියලා තමයි කියන්න වෙන්නෙ. එක අතකින් මගෙ වාසනාව හින්දයි එහෙම වෙන්න ඇත්තෙ. මේ වගේ ආදරයක් අධ්‍යක්ෂණය කළේ චන්ද්‍රන් රත්නම්. එවන් අයකු යටතේ රංගනයේ යෙදෙනවා කියලා කියන්නෙ ඔබ වැනි අයෙකුට විරළ අවස්ථාවක්? ඇත්ත. තවමත් මට හිතාගන්න බෑ මිස්ටර් රත්නම්ගෙ චිත්‍රපටයක මං රඟපෑවා කියලා. මා මේ වගේ ආදරයක් ගැන යාළුවන්ට කියද්දි ඔවුන් අහනවා චිත්‍රපටයෙ ඩිරෙක්ටර් කවුද කියලා. මං මිස්ටර් රත්නම්ගෙ නම කියද්දි හැමෝම කියන්නේ මං හරිම වාසනාවන්තයි, එවන් අයකුගෙ චිත්‍රපටයක මුලින්ම රඟපාන්නට අවස්ථාව හිමිවීම කියලයි. කොහොමද ඔබට චන්ද්‍රන් රත්නම්ව මුණගැසෙන්නෙ? හේෂාන් කියලා මගෙ මිත්‍රයෙකුයි මාව මිස්ටර් රත්නම් ළඟට යැව්වෙ. ඔහු හා මම මුලින්ම හමුවුණු දවසෙ ඔහු ඉතාම සුහදව මගෙත් එක්ක කතා කළා. දෙවනුව කිව්වා මං මගේ චිත්‍රපටයට ඔබව තෝරා ගන්නවා කියලා. ඩයලොග් බැලුවෙවත් නෑ. අඩුම ගානේ කිසි ස්ක්‍රීන් ටෙස්ට් එකකටවත් තිබ්බෙ නැතුවයි ඔහු මට චිත්‍රපටයේ චරිතය දුන්නේ. චිත්‍රපටයේ ඔබ පයිලට් කෙනෙක්? පොඩි කාලෙ මගෙ හීන දෙකක් තිබුණා. එකක් නළුවෙක් වෙන එක. අනික පයිලට් කෙනෙක් වෙන එක. මගෙ තාත්තා එයා ෆෝස් එකේ වැඩ කළේ. ඒ හින්දා තමයි පයිලට් පිස්සුව ඔළුවට ගැහැව්වෙ. මගෙ කාමරයෙ එක පැත්තක නළුවන්ගෙ පිංතූර තිබුණා. අනෙක් පැත්තෙ තිබුණෙ පයිලට්ලගෙ පිංතූර. වාසනාවට හෝ අවාසනාවට මට සැබෑ ජීවිතයේ පයිලට් කෙනෙක් වෙන්න ලැබුණේ නෑ. නමුත් මේ වගේ ආදරයක් නිසා මට පයිලට් ඇඳුම අඳින්න ලැබුණා. ප්ලේන් එකක මෙහෙයුම් මැදිරියෙ යන්න අවස්ථාවත් හිමි වුණා. ඒවා මගෙ ජීවිතයට අමතක නොවන අත්දැකීම්. දින කිහිපයකට හරි පයිලට් කෙනෙක් වුණා කියලා දැණුනාම දැනෙන්නෙ පුදමාකාර ආත්ම තෘප්තියක්. ඔබ ක්ෂේත්රයට ආව හැටි මතක් කළොත්? මං අර කිව්වනේ හීන දෙකක් තිබුණා කියලා. ඉන් රංගන හීනය හැබෑ කරගන්න නිතර අවස්ථා හෙව්වා. ඒ අතරතුරදී මගෙ උසත් එක්ක මං මොඩ්ලින් කරන්න ගියා. මට ඊට උදවු කළේ බ්‍රයන් කකෝවන් සහ වාසනා දන්තනාරායන. මං 2010 මිස්ටර් ශ්‍රී ලංකා තරගයෙන් වින් කළා. ඊට පසුව 2011 මිස්ටර් ඉන්ටර් නැෂනල් තරගාවලියේ අන්තිම පස්දෙනා දක්වා ආවා. ඔහොම කාලයක් මොඩ්ලිං කර කර ඉන්නකොට මා හිතාදර බුද්ධික කුලසේකර මට නාට්‍යයකට කතා කළා. ඒක තමයි සයුරි. මං එහි සිතිජ කියන ප්‍රධාන චරිතයටයි පණ පෙව්වේ. සයුරි ඔබව හිතපු තරම් ජනපි‍්‍රය කළේ නෑ? මෙහෙමයි, මට හිතෙන විදිහට ඒක ජනපි‍්‍රය ගණයේ නාට්‍යයක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් සයුරි හරහා මගෙ ලස්සන ප්රේක්ෂකයො දුටුවෙ නෑ. අනික ඒකෙ තිබුණෙ වෙනස්ම රංගන පරාසයක්. සිනමාවට ද ටෙලි නාට්‍යවලටද ඔබ වඩාත් පි‍්‍රය? සයුරි කෙසේ වෙතත් මේ චිත්‍රපටයට නම් මට ලැබුණු ප්‍රතිචාර ප්‍රමාණය දරාගන්න බැහැ. චිත්‍රපටය තිරගත වූ දින සිට මේ දක්වා අසීමිත ප්රතිචාරයන් ලැබුණා විවිධාකාර පුද්ගලයන්ගෙන්. සමහර විට මං හිතන්නෙවත් නැති පුද්ගලයො චිත්‍රපටයෙ මගෙ චරිතය ගැන කතා කරනවා. මං හිතනවා ඒකටත් හේතුවක් ඇති. මේ චිත්‍රපටයෙ මං නිදහසේ රඟපෑවා. ටෙලිවල තියෙන්නෙ ඩයලොග් කියන්න විතරයිනේ. මහාලෝකුවට අපට රංගනයෙ යෙදෙන්න නිදහසක් නැහැ. මං චිත්‍රපටයට මගෙ උපරිම දායකත්වය ලබා දුන් හින්දා වෙන්න ඇති මේ තරම් ප්‍රතිචාර. නව පරපුරේ අයකු විදිහට ප්‍රවීණයන් සමඟ වැඩ කරන්නට ලැබීම ගැන මොනවද කියන්න තියෙන්නේ? මට මතකයි මං පළමු වතාවට සයුරි නාට්‍යයේ රඟපාන්න ගිය දිනය. එදා මගේ අම්මාට රඟපාපු ගීතා කාන්ති ජයකොඩි මහත්මිය මට ළඟට කතාකරලා ඩයලොග් බලාගමු කිව්වා. අන්න එදා තමයි මට හිතුණෙ මං කොච්චර වාසනාවන්තද කියලා. ඇතැම් අවස්ථාවල මං ප්‍රවීණයන්ට වධයක් වුණා. ඒ මං නොදන්න දේවල් අහන්න ගිහින්. කියන්න සතුටුයි මට මෙතෙක් කල් හමුවුණු ප්‍රවීණ අය නම් ඉතාම වැදගත් සහ අලුත් අයට උදවු කරනවා. ඔබගේ වැඩි ඇල්ම සිනමාවට වගේ? ඔව්, එතකොට ආයෙ ටෙලි නාට්‍යවල රඟපාන්න හිතක් නැත්ද? හොඳ ටෙලි නාට්‍යයක් ආවොත් බාර නොගෙන ඉන්නෙ නැහැ. ඔබට ඊළඟටත් පෙම්වතෙකුගේ චරිතයක් ලැබුණොත්? කිසි ප්‍රශ්නයක් නැහැ. මං රපානවා. රිදී තිරයෙදී ඔබට ගැළපෙනම පෙම්වතිය කවුද? මං හිතනවා මට ඩිනක්ෂි පි්රයසාද්ව හොඳට ගැළපෙනවා කියලා. අනුජ්ට අභියෝගයක් වෙන නළුවො ඉන්නවද? අභියෝගයක් නෙවෙයි තරගයක් දෙන්න ඕන නළුවො නම් ඉන්නවා. නම් වශයෙන් කියන්න පුළුවන්ද? හේමාල් රණසිංහ, රොෂාන් රණවන. චරිතයක් වෙනුවෙන් ඔබේ බාහිර ස්වරූපය වෙනස් කරගන්න ඔබ සූදානම්ද? අනිවාර්යයෙන්ම. එහෙම චරිත මට ලැබෙනවට මම කැමැතියි. එතකොට වෙනසක්නෙ. කොණ්ඩෙ කපන්න ඕන නම් කපනවා. රැවුලත් එහෙමයි. අනුජ් අනුගමනය කරන නළුවන් කවුද? අර්ජුන් රාම්පාල්, ජෝන් ඒබ්‍රහම්, ෂාරුක්, අමීර්, මේ අය දිහා බලාගෙන මං බොහෝ දේ ඉගෙන ගන්නවා. මේ වන විට ඔබට ගැහැනු ළමයි කී දෙනෙක් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද? හතක් අටක් විතර. ඒ අතරේ නිළියොත් ඉන්නවාද? අපෝ නැහැ. රිදී තිරයෙ පෙම්වතා වෙන්න බලාපොරොත්තුවෙන් හිටියත්, ගැහැනු ළමයි ගණනාවක් ආදරේ ප්‍රකාශ කළත් ඔබ තවම තනිකඩයි? මිස්ටර් ශ්‍රී ලංකා වුණාට පසුව මගෙ අන්තිම පෙම්වතිය මාව දාලා ගියා. ඒකට හේතුව වුණේ මගෙ කලා ජීවිතය නෙවෙයි. යම් යම් නොගැළපීම් මත අපි වෙන් වුණා. එදායින් පසුව ආදරයක් ගැන හිතුවෙ නැහැ. අනුජ්ගෙ වෘත්තිය රංගනය නෙවෙයි? ඔව්, වෙඩින් සහ ඉවෙන්ට් මැනේජ්මන්ට් තමයි මගෙ වෘත්තිය. අනුජ් ගෙ ගෙවල් කොහෙද? පානදුරේ. ඉගෙන ගත්තේ ? පානදුර ශ්‍රී සුමංගල සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලවලින්. පවුලේ විස්තරත් කියමු? අම්මයි, තාත්තයි, අක්කයි.
|