|
එ මී ර් කු ස් තු රි කා ප්‍රත්‍යාවලෝකන දැක්මක් මෙවර කොළඹ උළෙලට
ලබන නොවැම්බර් මාසයේ 02 වැනිදා සිට කොළඹදී පැවැත්වෙන කොළඹ අන්තර් ජාතික දෙවැනි සිනමා උළෙල සඳහා ජගත් කීර්තිමත් සර්බියානු සිනමාකරු එමීර් කුස්තුරිකා ප්‍රත්‍යාවලෝකන දැක්මක් ඇතුළත් වන බව වාර්තා වෙයි. පසුගිය වසරේ සැප්තැම්බරයේ මුල්වරට පැවැත් වූ කොළඹ අන්තර් ජාතික සිනමා උළෙල සඳහා ලතින් අමෙරිකානු සිනමාකරු කාලෝස් රෙගදාස් සහභාගි කර ගැනීමෙන් කොළඹ උළෙලේ සංවිධායකයන් එම සිනමා උළෙල සඳහා විශාල ජගත් අවධානයක් දිනා ගැනීමට සමත් විය. පැරැණි යුගෝස්ලෝවියාවේ උපන් සර්බියානු ජාතික එමීර් කුස්තුරිකා චිත්‍රපට අධ්යක්ෂවරයකු, නළුවකු, තිර නාටක රචකයකු හා සංගීතඥයකු ද වෙයි. කාන් සිනමා උළෙලේදී ඔහුගේ වෙන් ෆාදර් වෝස් අවේ ඔන් බිස්නස් හා අන්ඩර් ග්‍රවුන්ඩ්ස් යන සිනමා කෘතීන් යුගල සඳහා කාන් සිනමා උළෙලේ හොඳම අධ්යක්ෂණයට හිමි පැල්ම ඩිඕ සම්මානය දිනා ගත්තේය. චෙකොස්ලෝකියාවේ ප්රාග් සිනමා පාසලෙන් සිනමාකරණය හැදෑරූ එමීර්ගේ මුල්ම චිත්‍රපටය වනුයේ ඩූ යූ රෙමෙම්බර් ඩොලී බෙල් චිත්‍රපටයයි. 1981 දී වැනිස් සිනමා උළෙලේදී අධ්යක්ෂවරයකුගේ මුල්ම චිත්‍රපටය උදෙසා පිරිනැමෙන 'සිල්වර් ලයන්' සම්මානය දිනා ගත්තේය. පසුව තමා උපන් සර්යාවෝ නගරයේ දෘශ්‍ය කලා පාසල් ගුරුවරයකු වන ඔහු දෙවැනි චිත්‍රපටය වන වෙන් ෆාදර් වෝස් අවේ ඔන් බිස්නස් නිර්මාණය කරන ලදී. එම චිත්‍රපටය එවර කාන් සිනමා උළෙලේ පැල්මඩි'ඕ සම්මානයට අමතරව ඇකඩමි සිනමා උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට සම්මාන දිනා ගති. ඔහුගේ බ්ලැක් කැට් වයිට් කැට් වැනිස් සිනමා උළෙලේදී හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේය. 2011 වසරේ කාන් සිනමා උළෙලේ 'අන් සර්ටග් ගෝර්ඩ්' අංශයේ ජූරි සභාපති පදවිය හෙබ වූ එමීර් කුස්තුරිකා ප්‍රංශ රජය මඟින් පිරිනැමෙන ලෙජන් ඩි ධනර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. සුපර් එයිට් ස්ටෝරිස්, ලයිෆ් ඊස් අ මිරාකල්, වර්ඩ්ස් වින් ගෝඩ්ස්, ඇරිසෝනා ඩ්‍රීම්, වයිට් ඔෆ් ද ජිප්සීස් ලෝකයේ අවධානය දිනාගත් ඔහුගේ නිර්මාණ අතර වෙයි.
දයා රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි
මෙරට විශිෂ්ටතම චිත්‍ර කතා ශිල්පියකු මෙන්ම තිර නාටක රචකයකු ද වන දයා රාජපක්ෂ පසුගිය ඉරු දින අභාවප්‍රාප්ත විය. මිය යයන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ අටකි. නිරුපමාලා, පස්, දුලාරි, සකිසඳ එළියස්, හතේ වසම, මතක මං පෙත, කම්මිත්ත, අතුරු පාර දයාගේ චිත්‍ර කතා ඇසුරෙන් නිර්මාණය වූ ටෙලි නාට්‍ය වෙයි. ජාතික චිත්‍රකතා පදනම පිහිටුවීමේදී පුරෝගාමී මෙහෙවරක් කළ දයා චිත්‍ර කතා සහ කාටුන් කලාවට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ඕ. සී. අයි. සී. සම්මානයෙන් පිදුම් ලැබීය. දයා දියණියන් තිදෙනෙකුගේ දයාබර පියෙකි. දයාගේ චිත්‍ර කතා කිසිවක් බාල බොළඳ සමනළ වෘතාන්ත නොවන බව දයාගේ ගිනිබත් කීරීටය චිත්‍ර කතා පොතෙහි පසුසටහනට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කොට තිබේ. ඔහුගේ අවසන් කටයුතු ඊයේ බොරැල්ල කනත්තේදී සිදුවිණ. සරසවිය දයා රාජපක්ෂයන්ට නිවන් සුව පතයි. |