වර්ෂ 2015 ක්වූ ජූලි 30 වැනිදා බ්‍රහස්පතින්දා




මහරජ අජාසත් අගෝස්තු 21 දා

මහරජ අජාසත් අගෝස්තු 21 දා

සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැට වැනි සිනමා නිෂ්පාදනය මහරජ අජාසත්හි විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී මහා සංඝරත්නය වෙනුවෙන් පවත්වන ලදී. එය එළඹෙන අගෝස්තුවේ 21 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයක් වන මහරජ අජාසත් දිවයින පුරා සිනමා ශාලා හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක තිරගත කෙරෙන බව නිෂ්පාදකවරයා දැන්වීය.

ජීවන් කුමාරතුංග, රොබින් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, සබීතා පෙරේරා, ගයාන් වික්‍රමතිලක, හෂිනි ගෝනගල, ගීතා කාන්ති ජයකොඩි, සුනීතා විමලවීර, නදීකා ගුණසේකර, මේනකා මධුවන්ති, පාලිත පෙරේරා, රහල් බුලත්සිංහල, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, ඥණාංග ගුණවර්ධන, දයාසිරි හෙට්ටිආරච්චි, වසන්ත කුමාරවිල, නන්ද වික්‍රම ආදී නළු නිළියන් රැසක් මහරජ අජාසත්හි චරිත මවති.

සනත් ධර්මසේන නිෂ්පාදනයෙන් සහාය වූ මෙහි සහාය අධ්‍යක්ෂවරයා ලකී ආතවුද වේ. සමීර මධු කිදෙල්පිටියගේ අංග රචනයකි. හීනටිගල ප්‍රේමදාස පසුතල නිර්මාණයෙන් ද, කේෂානි ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් විය. තිලාන් කුරේ සහ රවීන් වෙත්තසිංහගේ ත්‍රි්මාණ සජීවිකරණයකි. සුනෙත් රසාංග සහ ගයාන් බුද්ධික දෙවන සහාය අධ්‍යක්ෂවරුන්ය. සෑම් පෙරේරා කොණ්ඩා සැකසුම් ශිල්පියා වේ. අජිත් රාමානායකගේ සංස්කරණයකි. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද, සුනිල් ධර්මසිරි නිෂ්පාදන කෘත්‍යාධිකාරිත්වයෙන් ද, ප්‍රගීත් ධර්මපාල සහ සංජය අමරසිංහ නිෂ්පාදන සම්බන්ධිකරණයෙන් ද මහරජ අජාසත් සිනමාපටයට දායක විය. චන්දන වික්‍රමසිංහ ගේ නැටුම් අධ්‍යක්ෂණයකි. ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජකයෙන් එක් වී තිබේ.