වර්ෂ 2015 ක්වූ ජූලි 30 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය අරෝෂගෙන් දැවැන්ත චිත්‍රපටයක්

ආචාර්ය අරෝෂගෙන් දැවැන්ත චිත්‍රපටයක්

පූජා ප්‍රධාන චරිතයට
 

අනිත්‍යා, නිලංජනා (තිරගතවීමට නියමිත) වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු දැවැන්ත ඓතිහාසික චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව සරසවිය දන්වා සිටියේය. මේ සඳහා පාදක වී ඇත්තේ අදින් වසර දාහතකට පමණ එපිට අතීතයක කතාවකි. තානාපතිලාගේ ගෙදර යනුවෙන් නම තබා ඇති මෙහි ප්‍රධාන භූමිකාවට පූජා උමාශංකර් තෝරා ගත් බව ආචාර්ය අරෝෂ පවසයි.

චිත්‍රපටය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන සියයකි. තානාපතිලගේ ගෙදර එළඹෙන සැප්තැම්බර් මාසයේදී රූගත කිරීම් ඇරැඹේ. පූජා සමඟ මෙම සිනමාපටයෙහි ප්‍රවීණ නළු නිළියන් පනහකට අධික ප්‍රමාණයක් රංගනයෙන් දායක වන බව නිෂ්පාදකවරයා පවසයි. මෙයට අමතරව ආචාර්ය අරෝෂ මේ වන විට ප්‍රධාන නගර තිහක සිනමා ශාලා හැටක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක ද නියැලි සිටින වග පවසයි.