|
|
රුව වගේම හඬත්
මේ දිනවල ඇය ෆර්හාන් අක්තාර් සමඟින් ගීත ගයන්න පුහුණු වෙමින් සිටින්නේ. මේ ගායන අත්දැකීම ගැන ශ්‍රද්ධා සිටින්නේ ගොඩක් සතුටින්. රොක් ඔන් 2 චිත්‍රපටය වෙනුවෙනුයි ඇය මේ හඬ පුහුණුවීම්වල යෙදෙන්නේ. රංගන, නර්තන වගේම ගායන හැකියාවෙනුත් යුතු වූ මේ අපූරු කලාකාරියගේ බලාපොරොත්තුව රොක් ඔන් 2 චිත්‍රපටයේ ගී ගයා ශංකර්, එසාන් සහ ලෝයි යන සංගිතඥයන් ත්‍රිත්වයේ යහපත් ප්‍රතිචාර ලබා ගැනීමයි. ‘ඒ වෙනුවෙන් මම තවත් වෘත්තීය මට්ටමෙන් එය පුරුදු පුහුණු කළ යුතු වෙනවා’ ශ්‍රද්ධා පවසනවා. මීට පෙර ඇය ගලියාන්, බෙසුබාන් පිර්සේ සහ, ABCD 2 චිත්‍රපට වල ගීත ගායනා කළා වගේම ඇයගේ මිහිරි හඬ කාගේත් ප්‍රශංසාවට ලක් වුණා.
|



ශ්‍රද්ධා කපූර් දැන් බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කරගෙන සිටින නිළියක්. පසුගිය
දිනවල ඇය දායක වූ ABCD 2 චිත්‍රපටය වාර්තා තබමින් තිරගත වුණා. රංගනයෙන් ලොවම
ආකර්ශනය කරගෙන සිටි ශ්‍රද්ධාට ABCD 2 චිත්‍රපටය නිසා අති දක්ෂ අයුරින් තම නර්තන
හැකියාව පෙන්වන්නත් අවස්ථාව ලැබුණා. මේ දිනවල ඇය තවත් හැකියාවක් ඔප මට්ටම් කර
ගනිමින් සිටින්නේ. 'ඒක නම් නියම අත්දැකීමක්' ශ්‍රද්ධා පවසනවා.