|
ටෝනිගේ මම්මම්මා
ටෝනි රණසිංහ අප අතරින් වෙන් වුණත් ඔහු පිළිබඳ මතකය අපේ මතකයෙන් ඈත්ව යන්නේ නෑ
කවදාවත්ම. ටෝනි ඉතාමත් සුන්දර චරිතයක්. රසවතෙක්. අපේ සිංහල චිත්‍රපට ඉතිහාසයේ
ස්වර්ණ වර්ණයෙන් ලියැවිලා ඇති නළුවන් තුන් දෙනාගේ නම් අතර ලියැවුණු අන්තිමම නම.
ගාමිණී,ජෝ, ටෝනි. දැන් ත්‍රිත්වයම අපෙන් සමුගෙන. ටෝනිගේ රඟපෑම් ගැන කතාබහ වෙනවා
වගේම ටෝනි නම් වූ රසවතා ගැනත් අප අසා ඇති කතා එමටයි. මේ කතාව පසු වේදිකාවට ලියන්න
ඕනෑ කියලා හිතුණේ අපේ සතිපතා සිනමා පු පුංචි ටෝනිව පික්චර් එකක් බලන්නට මරදානට කැන්දන් එන්නේ මම්මම්මාය. මරදාන හන්දියෙන් හැරී ඩී. ආර්. විජේවර්ධන මාවත පැත්තට යන කොට නිව් ඔලිම්පියා පික්චර් හෝල් එක හමු වේ. ඔලිම්පියා හෝල් එක වඩාත් ප්‍රසිද්ධ වුණේ ඉංග්‍රීසි චිත්‍රපටවලටය. මම්මම්මා පුංචි ටෝනිත් අරගෙන ඔලිම්පියා එකේ පික්චර් එකක් බලන්න ආවලු. මම්මම්මා ටෝනිව කැන්දන් ඇවිත් තිබුණේ ඉංග්‍රීසි චිත්‍රපටයක් පෙන්නන්නලු. ඉංග්‍රීසි කිව්වට ඒක වැඩිහිටියන්ට පමණයි වර්ගයේ එකක් එහෙම නෙවිලු. මම්මම්මා පුංචි ටෝනිට වැඩිහිටියන්ට පමණක් චිත්‍රපට පෙන්නාවියැ. චිත්‍රපටයේ නම Song of st. Bernedeth සාන්ත බර්නදෙත්ගේ ගීතය. ඔලිම්පියා පික්චර් හොල් එක ගැනත් ටෝනිට මතකයිලු. ඒ දවස්වල ඔලිම්පියා එකේ වාඩි වෙන්න තිබුණේ ලෑලි බංකුලු. ඔන්න දැන් පික්චර් එක පටන් ගත්තා. ටෝනි මම්මම්ම ළඟට වෙලා ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවලු තිරයේ වැටෙන රූප දිහා. චිත්‍රපටයේ මැදදි ජේසුතුමන් පැමිණෙන දර්ශනයක් තිරයේ වැටුණලු. එක පාරටම ටෝනිගේ මම්මම්මා ටෝනිට කිව්වලු 'පුතේ දන ගහගෙන යාඥා කරපං' කියලා. පුංචි ටෝනිටත් තේරුමක් නෑ මොකද කියලා, ටෝනිත් මම්මම්මත් එකක් යාඥා කරන්නට පටන් ගත්තලු. හෝල් එකේ ඉන්න ඕඩියන්ස් එක දිගට මහා හයියෙන් හූ කියන්න පටන් ගත්තලු. ටෝනියි මම්මම්මයි ආපහු බංකුවේ වාඩිවෙලා තියෙන්නේ ස්වාමි දරුවන්ගේ රූපේ තිරයෙන් මැකුණට පස්සේ. අවුරුදු දහයකට විතර පස්සේ ටෝනි ටිකක් ලොකු වුණාමලු තේරුණේ එදා ඔලිම්පියා එකේ පික්චර් බලන්න ආපු ඕඩියන්ස් එක එක දිගට හූ කියලා තියෙන්නේ ටෝනිගේ මම්මම්මටයි ටෝනිටයි කියලා.
|