|
දෙරටක් යා කරන අපූරු සිනමා සිත්තම ස ල් ම න් වාර්තා පිට වාර්තා තැබීමට සැරසේ
පුංචි පියකරු ශහීදාගේ සුරතල් නම මුන්නි ය. මුන්නි නමින් කාගේත් සුරතල් ලැබුවද ලෝකයේ කිසිවක් අසන්නට තරම් ඇය වාසනාවන්ත වූයේ නැත. ශහිදාගේ අනාතගය පිළිබඳ සුන්දර සිහින දකින ඇයගේ මව දිල්ලියේ පල්ලියක් වෙත ඇය ගෙන යන්නේ ශ්‍රවණය ලබාදෙන මෙන් කන්නලව් කිරීම වෙනුවෙනි. දහසකුත් බලාරොත්තු ඇතුව දිල්ලිය වෙත යන මේ මව සහ දියණිය එකිනෙකාගෙන් වෙන් වී දිල්ලියේදී ශහීදා අතරංම වන්නේ කතාව තව තවත් සංවේදි කරමිනි. මවගෙන් වෙන්වූ ශහීදා භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන දුම්රියක නැඟී දිල්ලියේ සිට සැතපුම් සිය ගණනක් ඈත හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර නගරයට පැමිණේ. එහිදී ඇයට හමු වන්නේ අපූරු මිත්‍රයෙකි. භජ්රන්ගී නම් වූ ඔහු හින්දු බැතිමතෙකි. ශහීදා ඔහු සමඟ මිතුවන වන අතර ඔහු ඇය ආරක්ෂා කර ගනී. භජ්රන්ගීගේ බලාපොරොත්තුව ශහීදා ඇයගේ මාපියන් වෙත භාරදීමයි. ඔහු කැප වන්නේ ඒ වෙනුවෙනි. ශහීදා සහ භජ්රන්ගී අතර ඇති වන අපූරු මිතුදම පසුගිය 17 වැනිදා ප්‍රදර්ශනය ඇරැඹි භජ්රන්ගී භයිජාන් චිත්‍රපටයෙන් මිනිත්තු 159ක් පුරා දිගහැරෙන සුන්දර කතා පුවතයි.
මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරෙන කාලය අතරතුර සල්මන් ඛාන්හට සිය පෞද්ගලික ජීවිතයේද ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකට මුහුණ දෙන්නට සිදු විය. දහතුන් වසරකට පෙර කරන ලද මුව දඩයමක මෙන්ම ඔහුගේ මෝටර් රථයට යටව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම හා තවත් පිරිසක් තුවාල ලැබීම හේතුවෙන් ඔහුට වසර ගණනාවක සිර දඬුවම් නියම විය. පසුව ඔහු ඒ වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කළේය. මේ හේතුවත් පසුගිය කාලයේ භජ්රන්ගී භයිජාන් චිත්‍රපටයට විශාල ප්‍රසිද්ධියක් ලැබීමට හේතු විය.
පාකිස්තානයේ දැරියක ආරක්ෂා කර ඇයගේ මාපියන් වෙත ගෙන යාමට බාධක මධ්‍යයේ කැපවෙන
ඉන්දියාවේ හින්දු තරුණයෙකුගේ කතාවක් මේ තුළ කතා බහට ලක් කෙරෙන බැවින් ඉන්දු –
පාකිස්තාන මිත්‍රත්වය වර්ධනයට මෙම සිනමා නිර්මාණය පිටුවහලක් වනු ඇති බව බොහෝ දෙනාගේ
අදහස විය. 1975 වසරේදී ඉන්දියාවේ තිරගත කෙරුණු ෂෝලේ චිත්‍රපටය වසර හතළිහකට පසු
පාකිස්තානයේ තිරගත කිරීමෙන් පසු ඉන්දීය සිනමා නිර්මාණ සඳහා යහපත් බලාපොරොත්තු
වර්ධනය වූ අතර භජ්රන්ගී භයිජාන් පාකිස්තානයේ තිරගත කිරීම සතුටු දායක බව එරට සිනමා
ශාලා හිමිකරුවන්ගේ අදහස විය.
කෙසේ නමුත් ඩුබායිහි මංගල දර්ශනයෙන් අනතුරුව රාමසාන් සමය වෙනුවෙන් භජ්රන්ගී භයිජාන් ඉන්දියාවේ සිනමා ශාලා වෙත මුදාහළ අතරම පාකිස්තානය තුළද ඒ වෙනුවෙන් වූ වැට කඩුළු හැර තිරගත කිරීමට අවස්ථාව සැළසීය. පාකිස්තානයේ සිනමා ශාලා 80ක දින තුනක් ඇතුළත තිරගත කිරීමෙන් එය ඉන්දීය රුපියල් මිලියන 45ක් වාර්තා කළේ බොක්ස් ඔෆිස් වාර්තා තබමිනි. ඊට අමතරව තවත් රටවල් 51ක භජ්රන්ගී භයිජාන් සාර්ථකව තිරගත කෙරේ. එය ඉන්දියාව තුළ තිරගත කළ පළමු සති අන්තයේදී ඉන්දීය රුපියල් කෝටි 184ක් වාර්තා කළේ අමීර් ඛාන්ගේ ර්‍ථම් චිත්‍රපටය වාර්තා කළ ඉන්දීය රුපියල් කෝටි 183 සහ ෂාරුක් ඛාන්ගේ හැපි නිව් ඉයර් වාර්තා කළ ඉන්දීය රුපියල් කෝටි 157ක ආදායම පිටුපසට ඇද දමමිනි.
භජ්රන්ගී භයිජාන් ඉන්දියාව සහ පාකිස්තානය යා කෙරෙන ආදරයේ පාලමක් වුවද පාකිස්තානයේ
එය තිරගත කෙරෙන්නේ ඇතැම් දර්ශන කොටස් කපා දැමීමෙන් අනතුරුවය. කටයුතු මෙසේ
භජ්රන්ගී භයිජාන් චිත්‍රපටයේ සල්මන් ඛාන් පවන් කුමාර් චතුර්වේද් හෙවත් භජ්රන්ගී ලෙසද, කරීනා කපූර් ඛාන් රසිකා ලෙසින්ද, නවුසුදීන් සිද්දික් පාකිස්තානු වාර්තාකරුවෙකු ලෙසින්ද චරිත නිරූපණය කරන අතර හඬ නොඇසෙන පුංචි දැරිය ශහීදා හෙවත් මුන්නිගේ චරිතයට පණ පොවන්නේ හර්ෂාලි මල්හෝත්‍රා විසිනි.
|