|
මගේ පැතුම රංගන ශිල්පියකු ලෙස මිය යාමයි
පසුගියදා අභාවප්‍රාප්ත වූ රංගවේදී ටෝනි රණසිංහයන් මෙරට සිනමාවේ රජතුන් කට්ටුවේ අන්තිමයාය. ටෝනි රණසිංහයන්ගේ 75 වැනි ජන්ම දිනය නිමිති කොට ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ ටෝනි රණසිංහයන් සමඟ කරන ලද විශේෂ සාකච්ඡාවක් ලිපි මාලාවක් ලෙස එකල සරසවිය පුවත්පතේ පළ විණ. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෙන්ම ටෝනි රණසිංහයන්ට උපහාරයක් ලෙස සරසවිය එම ලිපි මාලාව ඔබට නැවත ගෙන එන්නෙමු.
හැටේ දශකයේ අග භාගයේ ටෝනි රණසිංහ නම් වූ නළුවා රචකයකු බවට පත් වෙනවා. 'ආදරණීය අයිරා', 'ජෝගි හමාරයි' වැනි නවකතා ඔබ අතින් ලියැවෙනවා. එහෙම නේද? අවංකව කිව යුතුයි මං ඒ පිළිබඳ කනගාටු වෙනවා. පොත් ලීවාට නෙවෙයි. ඒවායේ උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරැදි නැති නිසා. මං ඒ පොත් ලිව්වේ හුදෙක්ම මගේ ආර්ථික අරමුණු උදෙසා. කලාකරුවකු නොකළ යුතු දෙයක් මං කළේ. ඒත් පසුව ෂේක්ස්පියර් පරිවර්තක කිහිපයක් මං ලිව්වා. තවත් කතා කිහිපයක් ගොනු කරගෙන ඉන්නවා. ඉදිරියේදී මගේ දිවිය නිරෝගීව පවතීවි නම් ඒවත් ලියලා හමාර කරනවා. මං ලේඛන කලාවට යොමු වීම ගැන බොහෝ දෙනෙක් විිස්මය පළ කළා. පඩි දවසකට මං පොත් කිහිපයක් මිලදී ගන්නවා කියලා මං පෙර පැවසුවා මතක ඇති. ඒවා පරිශීලනය කිරීමෙනුයි මා ලේඛන කලාව පිළිබඳ ඉගෙන ගත්තේ. ඒත් මං නිවැරැදි ව්‍යාකරණ භාවිතය ගැන දැනන් හිටියේ නැහැ. මේ වෙලාවේ තවත් දෙයක් කිව යුතුයි. ඒ අද පරම්පරාවේ අයගේ ධාරන ශක්තිය අඩු වී ඇති බව පුවත්පතකින් මට දැනගන්න ලැබුණා. ඒ කාරණාව ඇත්ත. පොත් පරිශීලනය අඩු වීම නිසා එහෙම වෙනවා කියලයි මට හිතෙන්නේ. හැත්තෑව දශකයේ මැද භාගයේ දුහුළු මලක් චිත්‍රපටයෙහි විවාහ ජීවිතය තුළ අර්බුදයකට මුහුණ පෑ මධ්‍යම පංතික සැමියකුගේ ආත්මීය වේදනාව ඔබ සුරවීරගේ චරිතයෙන් නිරූපණය කරනවා. චිත්‍රපටය අවසානයේ ඔහු බිරිය කෙරෙහි දක්වන සානුකම්පිත බව ඒ වකවානුවේ ඉමහත් ආන්දීලනයකට ලක් වෙනවා? මං දන්නවා එහෙම සංවාදයක් ඒ කාලය තුළදී සිදු වුණා. එහි කීර්තිය මං නොබියව අත් කර ගන්නවා. එහි අධ්‍යක්ෂ විජය ධර්මශ්‍රී සහ කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහ යන මහත්වරුන් අද ජීවතුන් අතර නැහැ. ඒ අයටත් ඒ ගෞරවය හිමි වනවා. දුහුළු මලක් හි අවසානය පිටපත, යළි සැමියා වෙතට එනකොට ඔහු නීටාට වෙඩි තියන අයුරින් ලියවිලා තිබුණේ. මං විජයට කතා කරලා කිව්වා විජේ ඔයා මේක ලස්සනට ලියනවා. ඒත් පොඩි වෙනසක් කරමු කියලා. නීටාට ඒ වෙඩි තියන දර්ශනය මම සිහිනයක් බවට පත් කළා. සුමිත්ත එය අනුමත කෙරුවා. මට එවලේ පැරැණි හින්දි චිත්‍රපටයක් මතක් වුණේ. එහිත් අවසානයේ ප්‍රධාන නිළියට වෙඩි තියනවා. චිත්‍රපටය සිනමා ශාලාවලට දැම්මට පස්සේ ඒක දිව්වේ නැහැ. නිෂ්පාදකවරයා පසුව එහි වෙඩි තියන දර්ශනය සිහිනයක් බවට වෙනස් කරලා යළි සතියකට පමණ පසු තිරගත කළා. චිත්‍රපටය දිව්වා. මං ඒකම තමයි දුහුළු මලක් සඳහාත් කළේ. කොටි වලිගය චිත්‍රපටයෙහි ඔබ ඇමැතිවරයකු ලෙස කරන රංගනය ඉබඥපධබරනඥ ස්වභාවයක් ගන්නා බවයි මගේ හැඟීම. එහෙත් සමහර විචාරකයන්ගේ ප්‍රශංසා මෙන්ම ප්‍රේක්ෂක ඔල්වරසන් ද ඔබට ලැබෙනවා. ඉන් පසු ඔබ රඟපෑ සමහර චරිතවලදී එම ස්වභාවය ඔබට නිතැතින්ම ආරූඨ වූවා කියා මම කිව්වොත් ඔබ පිළිගන්නවාද? ඔව්. මෙහෙමයි ඒකට පිළිතුරක් දෙනවා නම් තව කෙනෙක්ව මතක් කළ යුතුයි. ඒ ජේ. එච්. ජයවර්ධන. වර්තමානයේත් එදා කාලේත් බොහෝ නළුවන් දේශපාලන චරිත කරද්දී කැලණි පාලමේ ජේ. එච්. නිරූපණය කළ දේශපාලඥයාගේ ස්වභාවය යම් යම් තැන්වලදී යොදා ගන්නවා. මං හිතන්නේ මාව කොටි වලිගයෙහි දේශපාලඥයාට මනාව ගැළපුණා. මන්ද යත් දේශපාලඥයකු කියද්දී අපට යම් ප්‍රතිරූපයක් මැවෙනවා. ඒ කඳ බඩ මහත, ඇඟලි පහේම මුදු පළඳින අය වශයෙන්. මං ලැබුණු චරිතය ආරූඨ කරගෙන දේශාපලඥයකු නොවි දේශපාලන චරිතය කළා. එකල විචාරකයන් කිව්වේ ගාමිණීගේ චරිතයට වඩා ඒ දේශපාලඥයා ඉස්මතු වන බවක්. ටෝනි අයියේ මගේ විශ්වාසය නම් අප ජීවත් වන දකුණු ආසියනු කලාපය තුළ සිනමාව පුරුෂකේන්ද්‍රීයයි. ආසියානු නළුවන් බොහොමයක් පුරුෂයකුගේ ආත්මීය වේදනාව තිරය මත රංගනයෙන් හෙළි කිරීම පිරිමිකමට නිගාවක් ලෙසයි දැක්කේ. ඒත් ඔබ 'දෙලොවක් අතර', 'හන්තානේ කතාව', 'දුහුළු මලක්' චිත්‍රපටවල පිරිමියාගේ ආත්මීය වේදනාව සහ බිඳවැටුණු චරිත ලක්ෂණ නිර්භයව අපට දැක ගැනීමට සැලැස්සුවා. 'පවුරු වළලු' තිර රචනයේදීත්, රංගනයේදීත් මා එය අත් දුටුවා. ටෝනි රණසිංහගේ සුවිශේෂය මෙයද? මං මේ මං ගැනම පම්පෝරි ගහනවා නෙවෙයි. මං ඒ චරිත සියල්ල රඟපෑවේ ස්වයං අධ්‍යයනයකින් යුතුව. මං හිතන පරිදි නළුවකුට යම් කිසි චරිතයකට ගැහැනුු ගතියක් හා පෞරුෂය බිඳ වැටීමක් ඕනේ නම් ඒක තිබිය යුතුයි. ඒක පිරිමිකමට නිග්‍රහයක් නෙවෙයි. මං කියපු දේ ඔලිවියර් පවා පැවසුවත් ඔතෙලෝ වැනි නාට්‍යයවලදී මහා පෞරුෂය ඇති චරිත අඬන දර්ශන තිබුණා. ගැහැනු පිරිමි බේදයක් නැහැ මානුෂීය හැඟීම්වලට. චරිතයකදී බොළඳ වීම නළුවකුට හානියක් නෙවෙයි. ජීවිතය දිහා ආපසු හැරී බලද්දී ටෝනි අයියා පසු තැවෙනවාද? පසුතැවෙනවා නම් ඒ කුමක් ගැනද? එහෙම පසුතැවීමක් නැහැ. එහෙත් මං කළ යම් යම් චරිත ගැන හිතන කොට ඒවා අද කළා නම් මීට වඩා හොඳට කරන්න තිබුණා නේද කියලා හිතෙනවා. ඒත් එවැනි චරිත යළි මට ආයේ ලැබෙන්නේ නැහැනේ. තව දෙයක් මං අරක්කු සිගරට් බීම නවත්වලා දැනට අවුරුදු දහ තුනක් පමණ වෙනවා. තරුණ වියේ ඒවාට යොමු වූ කාලය ඊට වඩා වැදගත් දෙයකට ඒ කියන්නේ හොඳ චිත්‍රපටයක් බලන්න, පොතක් කියවන්න යොමු කෙරුවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒත් කලකිරීමක් හෝ දුකක් ඒ ගැන මට නැහැ. දැන් ඔබට වයස අවුරුදු හත්තෑ පහ ලබනවා. ඔබට නිරෝගී සුවය පතන අතරම මීළඟ වසර පහ තුළ ටෝනි අයියාගේ බලාපොරොත්තු මොනවාද? ඒ ගැන කියමින් මේ සංවාදය අවසන් කරමු? ප්‍රසන්න, මගේ මේ කොන්දෙ අමාරුවක් තිබෙනවා. ඒක හොඳ කර ගන්න ඕනෑ. ඒක මට නිර්මාණකරණයට පහසුවක්. තවත් පොත් කීපයක් ලියන්නට අව්‍යශතාවක් තිබෙනවා. ඒත් රංගන ශිල්පියකු ලෙසම මිය යෑම තමයි මගේ එකම බලාපොරොත්තුව.