|
අලුත් අලුත් දෑ නොතකන
මසාන් චිත්‍රපටය බොලිවුඩයේ පමණක් නොව ලොව පුරාම වැඩි කතාබහට ලක් වූ බොලිවුඩ් චිත්‍රපටයක්. නීරජ් ගයිවාන් අධ්‍යක්ෂණය කළ මසාන් චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත් වුණේ 68 වැනි කාන් සිනමා උළෙලේදීයි. එහිදී එය විචාරක සම්මානය සහ තවත් විශේෂ සම්මානයක් දිනා ගනිමින් කැමරා ඩි’ඕර් අංශය වෙනුවෙනුත් සුදුසුකම් ලැබුවා. ඒ වුණත් මසාන් චිත්‍රපටයෙන් අප දුටුවේ නම් හැමදාම අපට හුරු පුරුදු බොලිවුඩ් තරු නම් නොවෙයි. ඒක ඇත්ත. රීචා චද්ධා, විකී කෞෂාල් වැනි නවක තරු මසාන් සමඟින් කාන් සිනමා උළෙලේදී කැපී පෙනුණා. බොලිවුඩයේත් දැන් ඒ ගැන අවධානයට ලක් වෙලා. සිනමා නිර්මාණයක චරිතයකට සැබෑ ස්වරූපයක් ලබා දෙන්න නැවුම් ගතිය ලොකු වාසියක් බවයි දැන් කතාබහ. ඒ වගේම චිත්‍රපටයේ සත්‍ය ස්වභාවය ඉස්මතු කරන්න අලුත් මුහුණකට පුළුවන්ලු. මොකද සුපිරි තරු ගොඩනඟාගෙන තියෙන ප්රතිරූප මේ වෙනසට සුළු හෝ බාධාවක් කරන බවයි මසාන් චිත්‍රපටයේ අධ්යක්ෂ නීරජ් පවසන්නේ. කාන් සිනමා උළෙලේදී මසාන් චිත්‍රපටය අවසානයේදී විචාරකයන් ඇතුළු ප්‍රේක්ෂකයන් තම ප්‍රසාදය දැක්වූයේ, ආසනවලින් නැගිට මිනිත්තු කිහිපයක් පුරා අත්පොළසන් නාදයක් ලබාදෙමින්. මේ විදියට අලුත් මුහුණු සමඟින් සාර්ථක ප්‍රතිචාර ලැබූ මසාන් පසුගිය 24 වැනිදා සිට මහජන ප්‍රදර්ශනය ආරම්භ කළා.
|