|
කත්‍රිනා ආපසු සටනට
කත්‍රිනා ගොඩක් ආසාවෙන් දායක වූ චිත්‍රපටයක් තමයි පැන්ටම් කියන්නේ. ඇය බොලිවුඩයේ ක්‍රියාදාම චිත්‍රපට සඳහා දායක වෙන්න වැඩි කැමැත්තක් දක්වන නිළියක්. ඩූම් 3, ඒක් තා ටයිගර් වැනි චිත්‍රපටවල ඇයගේ සටන් ජවනිකා කාටත් දැකබලා ගන්න පුළුවන් වුණා. මේක තමයි ඊළඟ අවස්ථාව. ඩූම් 3, ඒක් තා ටයිගර් චිත්‍රපටවලට වඩා වෙනස් ආකාරයෙන් මෙහි සටන් ජවනිකා සඳහා මුහුණ දුන් බව කත්‍රිනා පවසනවා. ඒ වගේම පැන්ටම් චිත්‍රපටය සඳහා තේමාව වී තිබෙන්නේ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය ඇසුරෙන් හුසේන් සයිද් රචනා කළ ඇවෙන්ජර්ස් නවකතාවයි. ලෝක ත්‍රස්තවාදය ගැන කතා කරන මේ චිත්‍රපටය කත්‍රිනාට වගේම සයිෆ් අලිඛාන්ටත් වෙනස් අත්දැකීමක් වෙලා. ආකර්ශනීය අත්දැකීම් නැති කරගන්න කැමැති නැති චිත්‍රපට නිෂ්පාදක සජිද් නදියද්වාලා තමයි පැන්ටම් නිෂ්පාදනය කරන්නේ. චිත්‍රපටය නිර්මාණය කරන කාලයේදී එය නත්තල, රාමසාන් සහ දීපවාලි උත්සව සමයන් එළැඹුණු අතර රක්ෂා බන්දන් උත්සවය සමඟින් එය ලබන 28 වැනිදා තිරගත වෙන්න සූදානම්. |