|
සිරි අසිරිය
කලා ලොවේ මතකය අවදිව කරන
කළ සේවයට ගරු බුහුමන් ලැබේවා පී. ධම්මික දුමේන්ද්‍ර පාමංකඩ
විල්බට් ඇන්තනීට
කවියන්ගේ රස හැඟුම, සුදු සේල අගින්, නොමඟ නොයන් පුතේ, ගම හැරදා වැනි ජනප්‍රිය ගීත
රැසක් ගයා රසික සිත් පින වූ ගායන ශිල්පී විල්බට් ඇන්තනී මහතා අප අතරින් සදහටම වියෝ
වීම සංගීත ක්ෂේත්රයට සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවකි. ඔහු ගැයූ ගී යුගයෙන් යුගයට
අමරණීයව පවතිනු නියතයි. කිත්සිරි ගුණසේන, රොෂාන් උදාර - බදුල්ල විජේසිරි - කොලොන්නාව
විල්බට් ඇන්තනි ගායකයාණෙනි
ඔබ බොහෝ ගී ගැයූ නැති නමුදු ගැයූ ගී සියල්ලම මතකයේ රැඳී ජනප්‍රියම ගී බවට පත් විය.
ගැයූ මුල් ගීතයෙන්ම රසික හදවත ලැගුම් ගන්නට සමත් විය. විල්බට් ඇන්තනි ගායකයාණෙනි ඔබ
මිය ගිය ද ඔබ ගැයූ ගී අප හදවතේ සැමදා රැඳෙනු ඇත. ඔබට නිවන් සුව. තිස්ස කුමාර දිසානෑගම
චිත්‍රා ඔබට සුභපැතුම්
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ අධ්යක්ෂ ධුරයට පත් වුණ මා ප්‍රිය
නිවේදිකා චිත්‍රා කුමාරිට මගේ උණුසුම් සුභපැතුම් පිරිනමමි. ජයන්ත අමරතුංග පොළොන්නරුව
ආසයි බයයි
ප්‍රවේගය නරඹන විට නැඟී එන ආවේගය හරිම ජොලි. නළු නිළියන්ගේ රඟපෑම් මරේ මරු. ආසත්
හිතෙනවා බයත් දැනෙනවා. සුනිල් චන්ද්‍රසේකර යාගොඩමුල්ල,කොටුගොඩ
සුරාව එපා
සිංහල සිනමාවට සුරාව ඇතුළු කරන්න එපා. ධර්මදීපයක් වු අපේ රට ආරක්ෂා කර ගත යුතුයි. වියානි ගුණවර්ධන වෙන්නප්පුව
තුති කුසුම්
සිංහල සිනමාවේ අමරණීය ගී සලකුණක් තබා තිබූ ලතා සහ සුජාතා අත්තනායක යන දෙපොලටම
උපහාරයක් පිදීම වශයෙන් ඒ දෙදෙනාගේම පැරැණි ගීත ඇතුළත් ගීත ප්‍රසංගයක් ඉදිරිපත්
කිරීමට කටයුතු කළ පැරැණි සිංහල ගීත රසික සංගමයට අපගේ තුති කුසුම් මල් මිට ඊට පිදේ. තිලකරත්න විල්වල කෑගල්ල
යළි සිහි කළ යුතුයි
විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි, රීටා රත්නායක ඇතුළු අපේ පැරැණි සිනමාව ඔපවත් කළ
තරු රැස යළිත් අප සිහි කළ යුතුය. ගාමිණී මහබාලගේ පිළියන්දල
අධ්යක්ෂ මහත්වරුනි
තරුණ අධ්යක්ෂ මහත්වරුණි චිලි, හේමාල් වගේ රිදී තිරයට ඔබින කඩවසම් නළුවන් යොදාගෙන
කලාත්මක චිත්‍රපට කරන්න. විශාල ඉල්ලුමක් පවතී. පැරැණි නළු නිළියන් එකල තාරුණ්‍යයට
ගැළපුනත් දියුණු සමාජයක් පවතින නුතනයට ගැළපෙන නැටුම් ගැයුම් සමඟ ආදර්ශමත් කතා තිරයට
ගේන්න. ලලනි රාගම
ඇන්ටන් ජෝන්ස්
දැනට ජීවතුන් අතර සිටින ඇන්ටන් ජෝන්ස් ගායන පිළිබඳ රූපවාහිනියේ විකාශය කළ වැඩසටහන
ආසාවෙන් නැරැඹුවෙමි. ඉන් පසු විකාශනය කළ මියගිය අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල මහතා
පිළිබඳ වැඩසටහනද නැරැඹුවෙමි. ජීවතුන් අතර සිටින හා නැති ගායක ගායිකාවන් පිළිබඳ
තොරතුරු ඉදිරියටත් ජාතික රූපවාහිනියේ විකාශය කරන මෙන් ඉල්ලමි. ජාතික රූපවාහිනියේ
සභාපති සෝමරත්න දිසානායකයන්ට අපගේ ප්‍රණාමය. දිනේෂ් ගුණසේකර මාතර
මිණි මහිම දුක්බරයි
පතලෙන් ලැබුණ මැණික සඟවා ගැනීම හේතුවෙන් ඔහු ඝාතනය වීමෙන් පසු අම්මා නැති ගැහැනු
දරුවන් තිදෙනාම අසරණ වෙයි. නැන්දාගේ රැකවරණය තුළ හැදෙන වැඩිමහල් දියණිය නැන්දාගේ
අතුරුදන් වීමෙන් පසු තනිව ව්‍යාපාරයක් කරගෙන ජීවත්වන අතර තම බාල නැඟණියන් දෙදෙනාව ද
සොයා ගනියි. සරත් කොතලාවල ඇතුළු නළු නිළි රඟපෑම් හොඳයි. සංගීතය හොඳයි. මෙමඟින්
විශේෂයෙන්ම වැඩිමහල් දුවගේ චිත්ත ධෛර්යය උත්සාහය කැපී පෙනේ. ඩඩ්ලි ගෝමස්, කටුබැද්ද, මොරටුව
ගිරිකුලට සම්මාන මදි
1948 දශකයේ බිහි වූ දේශපාලන පෙරළියත් හුදී ජන ජීවියත් විවර කරන ගිරිකුල ටෙලිය
රයිගම් සහ සුමති සම්මාන උළෙලවලදී රසික අප බලාපොරොත්තු වූ සම්මාන ප්‍රදානයන් සිදු
නොවීම කනගාටුවට කරුණකි. චෙස් ටෙලිය අගනා කථා සාරාංගයක් වුවත් හොඳම නිළි සම්මානය
කාංචනා මෙන්ඩිස්ට හිමිවන්නට තිබූ බව මගේ අදහසයි. චන්ද්‍රකාන්ති ධර්මරත්න කැලණිය
S.M.S.
ඔබ අපෙන් සමුගෙන ගියත් ඔබ ගැයූ ගී අප හදවත්වල සදා රැඳී තියේ. විල්බට් ඇන්තනී
කලාකරුවාණෙනි ඔබට නිවන් සුවය ලැබේවා. සුනිල් බී. වේහැල්ල ගෝනපොල
ඉඳුනිල් අන්දරමාන්නගේ යළි පැමිණීමත් සමඟම පර්පල් රේන්ජ්් බෑන්ඩ් එක තවත් ආලෝකමත්
වුණා. දමිත් ගම්පහ
සිංහල සිනමාවේ අලුත් වැඩකාරයා හේමාල් රණසිංහ - සුභපැතුම්. ජේ. සොනාලි කොළඹ
දනුක දිල්හාන් අයියේ ඔයා ගොඩක් ලස්සනයි. ඔයා තමයි මං ආසම නළුවා. සමන්මලී කැප්පෙටිපොළ
ගින්දරී, ප්‍රවේගය වැනි අද්විතීය චිත්‍රපට බිහිවන මෙවන් යුගයක හොලිවුඩ්, බොලිවුඩ්
වගේ ලාංකීය සිනමාවටත් අනන්‍යතාවක් ලැබෙනවා නම් හොඳයි. රන්දි උෂාරා පිළියන්දල
ජෝති, විජය වැනි අසහාය කලාකරුවන් කලාවේ හිණිපෙත්තටම නැග්ගේ තමන්ගේම උත්සාහයෙනි. අද
ඇතැම් කලාකරුවන් අනුන්ගේ නිර්මාණ කොල්ල කාලා ඉදිරියට පැමිණෙන්නට හදනවා. ඔවුන්ගේ ගමන
කෙටියි. පී. වයි. අනුලාවතී අවිස්සාවේල්ල
'පිනිමුතු වැස්සේ' අවසානය අප බලාපොරොත්තු පරිදි ලස්සනට තිබ්බ. අමිල හා මහේෂිගේ
රංගනය රැගත් එවැනිම ආදර කතාවක් නැවතත් දකින්නට අපි ආසාවෙන් සිටිනවා. නිලුකා අවිස්සාවේල්ල
ලෙස්ටර්, සුමිත්‍රා යුවළ ජාතියේ පිනට පහළ වූ කලාකරුවන් දෙපළකි. ඔවුන්ට දිර්ඝායුෂ
පතමි. ආර්. එම්. එච්. රත්නායක කිරිඳිවැල
හිරු නාළිකාවේ විකාශය වන දේවී ටෙලි නාට්‍යය අප හැමෝටම නැරැඹිය හැකියි. ජනක්
ප්‍රේමලාල්, රොෂාන් පිලපිටිය ඇතුළු දක්ෂ නළු නිළි පිරිසක් රඟපාන ටෙලි නාට්‍යයකි. යූ. පී. පාලිත කුමාරසිංහ, සෙව්වන්දි ප්‍රියංකා එදිරිසිංහ ගඩලාදෙනිය
එදා දෙල්ගොඩ මැච් එකට ආපු අය හරිම ජොලි. රිතු ආකර්ෂා අක්කි නියමයි. හරිම හොඳයි. තිළිනි කිරිඳිවැල
ප්‍රවේගය බලන කොටයි තේරෙන්නේ මේ වගේ දක්ෂ ලස්සන සම්පතක් අපේ රටේ ඉන්නවා කියලා.
ඇත්තටම කියලා වැඩක් නෑ හේමාල් අයියේ මරු. අපි හැමෝම ආදරෙයි ඔයාට. අසිනි මහනුවර
0773042834 |