|
නිවාඩුවක් ! තනිවම නොවේ
බිපාෂා බාසූ හැඳින්වෙන්නේ බොලිවුඩයේ අංක එකේ සරාගි නිළිය ලෙසින්. ඇය පසුගියදා සුන්දර නිවාඩුවක් ගත කළා. හැබැයි තනිවම නම් නෙවෙයි. නළුවෙකු, නිරූපණ ශිල්පියෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු වන කරන් සිං ග්‍රෝවල් ද ඇය සමඟින් මේ නිවාඩුව ගත කරන්න එක්වෙලා.
කරන් මීට පෙර දෙවරක් විවාහ වී සිට දික්කසාද වූවෙක්. ශ්‍රද්ධා නිගම් සහ ජෙනිෆර් වින්ගෙට් සමඟ ඔහු විවාහ වී සිටියා. ජෙනිෆර් සමඟ වූ විවාහය බිඳි ගියේ බිපාෂා නිසා බවත් කටකතා පැතිරුණා. මේ කතා කොහොම වුණත් බිපාෂා සහ කරන් මෙවර නිවාඩුව ගත කළේ සුන්දර මාලදිවයිනේ. මාලදිවයිනේ 50 වැනි නිදහස් සමරු උළෙල වෙනුවෙන් දෙදෙනාම ආරාධනා ලබා තිබුණා. මේ ගමනට බිපාෂාගේ මිතුරියකුත් එක්ව තිබුණා. බිපාෂා සහ කරන් රඟ පෑ අලෝන් චිත්‍රපටය පසුගිය ජනවාරි මාසයේදී තිරගත කෙරුණු අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 250ක ආදායමක් ලැබුවා. |