|
දෙකට කැඩුණු මේසය
IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සුප්‍රසිද්ධ ක්‍රිකට් තරගාවලියක් බවට පත් වෙලා. ඉහළම මිලකට ක්‍රීඩකයන් අලෙවි වන වෙන්දේසි පොළක් ලෙසත් ඇතැමුන් එය හඳුන්වනවා. ක්‍රිකට් තරුවගේම සුපිරි බොලිවුඩ් රංගන තරු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පුරාවට දිදුලනවා. ෂාරුක් ඛාන්, ජුහි චවිලා, ප්‍රීති සින්ටා වැනි බොලිවුඩ් තරු මෙම තරගාවලියේ ක්‍රිකට් කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනවා. පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමා වුණේ ජය පරාජයන්ට අමතරව විවිධ චෝදනාවන්ද එල්ල කරමින්. ප්‍රීති සින්ටා මෙහිදි වැඩි කතාබහට ලක් වුණේ නේස් වාඩියා සමගින් වූ දබරය හේතුවෙන්. එහිදී නේස් වාඩියා තමන්ට අඩන්තේට්ටම් කළ බවට චෝදනා කරම්න් ප්‍රීති උසාවි ගියා. IPL තරගාවලියේ අවසානය සමගින් ඒ පිළිබඳ මතකය අවසන් වුණත් 2015 වසරේ තරගාවලිය සමග ඒ පරණ කතා අයෙමත් අලුත් වෙලා. ප්‍රීති සහ නේස් IPL තරගාවලියේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනවා. පසුගියදා නේස් සහ ප්‍රීති එක ළඟ අසුන්ගෙන සිටිනු දුටු මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයක් නිසා ප්රීතිට හොඳටම කේන්ති ගිහින්. “මම අමාරුවෙන් හම්බ කළ හැම සතයක්ම වියදම් කළේ මේ කණ්ඩායම වෙනුවෙන්. ඒ වෙනුවෙන් මම මගේ රංගන ජීවිතය පවා කැප කළා. ඔයා මට දැන් මොකක්ද කරන්න කියන්නේ. මේ මේසය දෙකට කඩන්න කියලද ?” ප්‍රීති කෝපයෙන් කෑගසලා. |