|
රන්ජන් ඔහොම යං...
ජනපි‍්‍රය නළු රන්ජන් රාමනායක ගේ උපන් දිනය යෙදී තිබුනේ ඊයේට. ඔහුගේ රසික රසිකාවන්ගෙන් මෙන්ම සිනමා ක්ෂේත්රයේ හිතවතුන්ගෙනුත් රන්ජන්ට වැල නොකැඩී සුබ පැතුම් ගලාගෙන ආවාලු. වෙනදාට රන්ජන් අයියේ, මල්ලියේ, මචං කියන අය මෙදාපාර ඔහුට ආමන්ත්‍රණය කරලා තියෙන්නේ ‘ඇමතිතුමා’ කියලා. බොහොම ගරුසරු ඇතුව. වර්තමාන රජයේ සමාජ සේවා, සුබ සාධන හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන රන්ජන් පසුගිය දිනවල ගත කළේ අතිශය කාර්යබහුල දිවියක්. ඔහු බත්තරමුල්ල සෙත්සිරිපායේ දී තම අමාත්‍යාංශයේ වැඩ බාරගත්තේ අවම වියදම් සහිත චාම් උත්සවයක් පවත්වලා. ඔහු ඒ වියදම ද දැරුවේ තමන්ගේම පෞද්ගලික මුදලින් වීම තවත් විශේෂත්වයක්. ඒ විතරක් නෙවේ මහජන මුදල් කාබාසිනියා කරමින් බොරු සෝබන දාන සමහර දේශපාලනඥයන්ටත් ඔහු ආදර්ශයක් වුණා. සිය අමාත්‍යාංශය කාර්යාලයේ සියලු විය පැහැදම් සීමා කරමින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක්, ඒවා යෙදවීමට නියෝජ්‍ය අමාත්‍යවරයා දැනටමත් තම නිලධාරීන්ට හා කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇති බව අපට දැන ගන්නට ලැබුණා. එමෙන්ම මහජන දිනයේ සිදු කරන සියලු සත්කාර, සංග්‍රහ කටයුතු සදහා වන වියදම් තමාගේම මුදලින් ගෙවා දැමීමට පවා ඔහු කටයුතු කර තිබෙනවා. මේක අපේ කලාකරුවෙක්, දේශපාලන ජීවිතයේ ඉහළ තැනකට පත්වුණාම කටයුතු කරන්න ඕනෑ කොහොමද කියන එකට කදිම පූර්වාදර්ශයක්. රන්ජන් ගේ මේ ක්‍රියා පිළිවෙත ගැන දන්නා බොහෝ දෙනෙකුගේ අදහස වුණේ එයයි. ඇත්තටම ඒක නව දේශපාලන සංස්කෘතියකට හොඳ අඩිතාලමක් බව අපගේ හැඟීමයි. |