|
අශ්වයෙක් දෝලාවට ඔළුවදාලා හයියෙන් පිම්බාතාරුකා වන්නිආරච්චි කියන්නෙ ඔබ නේද? * ඔව්, ඒ මම තමයි.
ඉතින් කොහොමද වාසෙ, දේසෙ? * බොහොම හොඳින් ඉන්නවා.
මේ දිනවල ඔබගේ කුලුඳුල් සිනමාපටය අතිසාර්ථකව තිරගත වෙනවා? * ඒ ගැන හිතත්දිත් මට හරිම සතුටුයි.
ඇයි ඒ? * එහි මා රඟපෑ චරිතය මට ඉතාම සුවිශේෂී හින්දා.
ඔබ නිරූපණය කරන්නේ ඓතිහාසික චරිතයක්? * ඓතිහාසික විතරක් නෙවෙයි. ඇය ලක් ඉතිහාසයේ වීර චරිතයක්. විහාරමහා දේවියගේ තරුණ වියයි මහරජ ගැමුණු චිත්‍රපටයේ මා නිරූපණය කරන්නේ. ඉතින් සතුටු නොවී කොහොමද.
කවුද ඔබට මේ සිනමාපටය සඳහා ඇරයුම් කරන්නේ? * අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ගෙනුයි ඒ ආරාධනාව ලැබෙන්නෙ.
ඔබව, ඔහු මීට කලින් හඳුනනවාද? * නැහැ.
එහෙනම්? * ජයන්ත මහත්මයා විහාරමහා දේවියගේ චරිතය නිරූපණය කරන්න තෝරා ගෙන තිබුණේ කුසුම් රේණු මහත්මියයි. ඇයගේ රුවට සමාන රුවක් ඇති තරුණියක් එතුමා හොයලා. අහම්බෙන් මගෙ ඡායාරූපයක් ඔහුට දැකගන්න ලැබිලා. පසුව ජයන්ත මහත්මයා මාව කැඳවලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබ්බා. චරිතය ගැන කතා කරලා තේරුම් කර දුන්නා. ඊට පස්සෙයි විහාරමහා දේවිය නම් ශ්‍රේෂ්ඨ කාන්තාවගේ තරුණවිය චරිතය මට ලැබෙන්නෙ.
ඔබ ජයන්ත චන්ද්‍රසිරි ගෙ පෙර නිර්මාණ නරඹලා තියනවාද? * ඔවි, ඔහුගේ සමනල සංධ්වනිය මම නැරඹුවේ ඉතාම ආසාවෙන්.
හිතුවද ඔහුගේ ඊළඟ චිත්‍රපටය හරහා ඔබට සිනමාවට ප්රවිශ්ට වන්නට අවස්ථාව ලැබේවි කියලා? * කොහෙත්ම නෑ. මෙය මගෙ පෙර වාසනාවට හිමි වූ චරිතයක්.
ඔබ විශ්වාස කරනවාද ඔබ කුසුම් රේණු ගේ රුවට සමාන රුවක් තියෙන තැනැත්තියක් බව? * ඔව්, මට තියෙන්නෙ ඇයට සමාන රුවක්. මට ඒක විශ්වාසයි.
මේ දිනවල තාරුකා ඉන්න ටෙලි නිර්මාණ මොනවාද තියෙන්නෙ? * දේවි, අකඩවාරිය සහ ඇහැළ මහ නිකින්න.
මේ අතරින් ඔබ වඩාත් කැපවීමෙන් නිරූපණය කළ චරිතය තිබෙන ටෙලි නාට්‍යය මොකක් ද කියලා මම ඇහැව්වොත්? * අකඩවාරිය.
ඒ කියන්නෙ ඔබ අනෙක් චරිත රඟපෑවෙ කිසිම කැපවීමක් සිදු නොකරද? * එහෙම කියන්න බෑ. කැප කිරීමක් සිදු කරන්න ඕන චරිතයකට. මම කැපවීම් කළා. අකඩවාරියේ රඟපාද්දි හරිම වෙහෙසක් දැනුණා මට. ඒ තරම් දැනෙන්නෙ මම කැපකිරීමක් කළ හින්දනේ. ඔබ දැන් අහන්න එපා අනෙක් චරිත මට දැනෙන්නෙ නැතිද කියලා.
නැහැ මම එහෙම අහන්නෙ නැහැ. ඊළඟට මට කියන්නකෝ තාරුකා ලස්සනයි කියලා කී දෙනෙක් පවසලා තියෙනවද? * ගොඩක් දෙනෙක්. ඒ සෑම කෙනෙකුම කියන්නේ රූපවාහිනියේ දකිනවාට වඩා මම සැබෑ ජීවිතයේ ලස්සනයි කියලා.
එහෙනම් රූපවාහිනී තිරෙන් අප දකින්නෙ ඇත්ත තාරුකාගෙ මුහුණ නෙවෙයි? * අපව කොහොමත් රූපවාහිනියේ පෙනෙන්නට කලින් මේකප් කරනවනේ. එතකොට තියෙන්නෙ බොරු ලස්සනක්. ඒ ලස්සන රූපවාහිනයට පමණයි ප්‍රයෝජන වෙන්නෙ. නමුත් සැබෑ ජීවිතයෙ ලස්සන සැබෑ ජීවිතයට වැදගත්. ඒ වැදගත්කම සදා කාලිකයි.
ඔබ ඔය කියන කතා අහගෙන ඉඳලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ හරි පණ්ඩිතයෙක් කියලා. * මෙහෙමයි, කියන කතාවලින් කෙනෙකුව මනින්න බැහැනේ. මම දන්නේ බොහොම පුංචි දේවල්. ඒ වායින් එකක් තමා මේ කිව්වේ.
වර්තමානයේ වෙසෙන කාර්යබහුලම නිළිය තාරුකා කියලා ආරංචියි? * ඊළඟට මම ඔබෙන් අහනවා ඇයි එහෙම කියන්නෙ කියලා.
මාර්තු මාසයේ ටෙලි නාට්‍ය හතකට ඔබට ඇරයුම් ලැබුණාලු. ඒ පුවතයි මට අරවගේ ප්‍රශ්නයක් අහන්න හිතුනෙ? * මට එවන් වූ ටෙලි නාට්‍ය ප්‍රමාණයකට ඇරයුම් ලැබුණා තමයි. නමුත් ඒ සියල්ල බාරගත්තෙ නැහැ. ඒවා බාරගන්න තරම් දින මට මාර්තු මාසෙ නැහැ.
බලාගෙන ගියාම ලංකාවේ කාර්යබහුලම නිළිය තාරුකානේ? * ඒකට නම් මට උත්තර දෙන්න දන්නෙ නැහැ.
මෙහෙම ඉවක් බවක් නැතිව රඟපාන්න ගියාම ඔබට කලාව එපා වේවි? * මට ක්ෂේත්රය ගැන කල කිරුණු අවස්ථා ඕන තරම් තියෙනවා. නමුත් මම තෘප්තිමත් වෙන්නෙ කලාව තුළින්. ඒ හින්දා මොනදේ වුණත් මෙහි රැඳී සිටිනවා.
මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපාන අවස්ථාවකදී ඔබ අශ්වයකු බය කළා කියන්නෙ ඇත්තද? * අප්පොච්චියේ ඒක නම් බොරුවක්. අශ්වයයි මාව බය කළේ. චිත්‍රපටයේ මං දෝලාවක සිටින දර්ශනයක් තිබුණා. අශ්වයෙක් ඇවිත් දෝලාවට ඔළුව දාලා හයියෙන් පිම්බනේ. මං බයවෙලා හූ කියලා කෑගැහැව්වා. සමහරවිට ඒ කෑගැහිල්ලට අශ්වයත් බයවෙන්න ඇති.
තාරුකාගේ පදිංචිය කියමු? * මම ඉන්නෙ මාකොළ.
ඉගෙන ගත්තෙ? * මාකොළ විශාකා විද්‍යාලයෙන්.
උපන් දිනය? * 1991 -05- 20
පෙම්වතාගෙ නම? * ඒ පැනයට යටින් ඉරක් අඳින්න. එහෙම කෙනෙක් නෑ.
ඔබ ගැන ඔබ විසින් කෙටියෙන් හඳුන්වන්න? * හරිම, හරිම, හරිම සරල කෙනෙක්.
|