බලනවා නම් චිත්‍රපට
බලනවා නම් චිත්‍රපට
ඔස්කාර් හොඳම චිත්‍රපටය
බර්ඩ්මෑන්
BIRDMAN
87 වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය වශයෙන් සම්මානයට පාත්‍ර වූ
චිත්‍රපටයයි බර්ඩ්මෑන්.
මීට අමතරව හොඳම කැමරාකරණය සම්මානයෙන් බර්ඩ්මෑන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ
එමානුවෙල් ලුබෙස්කි ද, හොඳම ස්වීය තිර රචනය වශයෙන් ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාල්වේස්,
නිකොලොස් ගියොකොබේන්, ඇලෙක්සැන්ඩර් ඩිනෙලාරිස් සහ අමෙන්ඩෝ බෝ ජුනියර් ද සම්මාන
ලැබීය.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී බර්ඩ්මෑන් චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතක් සඳහා
නාමයෝජනා ලැබූ අතර ඉහත සම්මාන සමඟ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඇලෙක්සැන්ද්‍රෝ
ගොන්සාල්වෙස් දිනාගනු ලැබීය.
මයිකල් කීටන්, එමා ස්ටෝන්, කෙනීචින්, ජතාල් හැරිසන්, නයෝමි වොට්ස්, ජෙරමි ශැමෝස්
බර්ඩ්මෑන් සඳහා රංගනයෙන් දායක වී ඇත.
තේවාර්
TEVAR
නරේෂ් අහුවාල් ෆිල්ම්ස් ඉදිරිපත් කරන තේවාර් 2015 වසරේ තිරගත වීම ආරම්භ කළ හින්දි
චිත්‍රපටයකි.
අර්ජුන් කපූර්, සෝනක්ෂි සිං, මනෝජ් බජ්පායි, දීප්ති නවාල්, රාජ් බාබර් රඟන තේවාර්
දෙමළ බසින් නිර්මාණය වූ ගිල්ලි චිත්‍රපටය ඇසුරෙන් තැනූවකි. විශේෂ ගරු රංගනයකින්
දෙමළ සිනමාවේ ජනප්‍රිය නිළි සෘති හසන් ද දායක වී ඇත.
සජීඩ් වජීඩ් සංගීතවත් කළ නරේජ් අග්‍රමාල්, සුනිල් මන්චන්ඩ සමඟ සුනිල් ලුල්ලා සමඟ
බොනි කපූර් සහ සන්ජේ කපූර් දෙසොහොයුරන් නිෂ්පාදනය කළ තේවාර් අධ්‍යක්ෂණය අමීට්
රවින්ද්‍රනාත් ශර්මාගෙනි.
අපූර්වත්වය
ඔබ දෝතට
ඩ්‍රැගන් හාට් 3
DRAGON
HART 3
ලෝක සිනමාව අද ග්‍රැෆික් නිර්මාණකරණයට මුල් තැන දෙමින් විවිධ නිර්මාණ බිහි කරයි.
එවන් නිර්මාණයකි ඩ්‍රැගන් හාට් 3 චිත්‍රපටය.
කොලින් වීගුඊ අධ්‍යක්ෂණය කළ මැතිව් හෙට්පාන්ස් තිර රචනය කළ රනායෙල් ඩී. ෂෙරෙන්ටිස්
නිෂ්පාදනය කළ ඩ්‍රැගන් හාට් 3 චිත්‍රපටයේ ජුලියස් මොරිස්, ටම්සීස් මර්චන්ට්, ජේසා
හලුවාලියා, ජොන්ජෝ ඕ නීල් සමඟ ඩොමිනික් මනාම් රංගනයෙන් දායක වී ඇත.
වෙනසක් සඳහා
කායල්
KAYAL
නව පරපුරේ නළු නිළියන් වන චන්ද්‍රන්, අනන්ති, වින්සන්ට් නම් වූ නළු නිළියන් සමඟ
වෙනස් මඟක් ගත් කතාවක් රැගත් කායල් ඔබත් වෙනසක් සඳහා නැරැඹීමට සුදුසු දෙමළ
චිත්‍රපටයකි. විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වූ චිත්‍රපටයක් වන මෙය ආදායම් අතින්
සාර්ථක විය.
පී. මදන් නිෂ්පාදනය කළ කායල් ප්‍රභූ සොලමන්ගේ අධ්‍යක්ෂණයකි. ප්‍රභූ සොලමන්, කිං,
සම්මයි, චයිනා වැනි චිත්‍රපට නිර්මාණය කළේය.
හාස්‍ය සමඟ මොහොතක් සඳහා
වෙල්ක්කාර දොරේ
VELLAKKAARA DUERI
ගෝපුරාම් ෆිල්ම්ස් වෙනුවෙන් ජී. එන්. සැන්බුචේසියන් නිෂ්පාදනය කළ බාල ගනේෂන්
අධ්‍යක්ෂණය කළ වෙල්ලක්කාර දුරායි හාස්‍ය පිරි චිත්‍රපටයකි.
වික්‍රම්, ප්‍රබූ, ශ්‍රී දිව්‍යා සමඟ සූරි රංගනයෙන් දායක වී ඇත.
නිමාවක් නැති සටන් පිරි
මෝටල් කම්බැක්ට් ලෙගසි
MORTAL
KOMBAT LEGACY
සටන් නළු මයිකල් ජායි චයිට් රඟන මෝර්ටල් කොම්බැක්ට් ලෙගසි ත්‍රාසජනක සටන්වලින් පිරි
චිත්‍රපටයකි. සෙසු චරිත රංගනයෙන් ජෙරි රයන්, ඩැරන් ශහලවි, ෆේමස් පෙනිකෙට්, කොලින්
කොරිගන්, ශවුස් බර්බර් සමඟ ටෝනර් ප්‍රචේරි රඟන මෙය කෙවිත් මැන්චැරොත්ගේ
අධ්‍යක්ෂණයකි.
සිනහව සමඟ සිතන්න යමක්
මෝර්ට්ඩිකායි
MORTDECAI
මේ දිනවල අප රටේ ද තිරගත වන මෝර්ට්ඩිකායි චරිතාංග නළු ජොනි ඩෙප් රඟන චිත්‍රපටයකි.
ග්වේන් පැල්ගෝ, ඊවන් ග්‍රෙගරි, ඔලිව් මූන් රංගනයෙන් දායක වන මෝර්ට්ඩිකායි
අධ්‍යක්ෂණය ඩේවිස් කෙසෙප්ගෙනි.
හාස්‍යෝත්පාදක ක්‍රියාදාම චිත්‍රපටයක් වන
මෝර්ට්ඩිකායි කයිලේ බොන්තිගෝලිගේ නවකතාවක් ඇසුරෙන් තැනූවකි.
ලිව්වේ –
කල්‍යාණ
චන්ද්‍රසේකර
ඩී. වී. ඩී.
අනුග්‍රහය
නීරෝ සී. ඩී.
හවුස්
මල්වත්ත පාර
|