|
ගී ලොවේදී දුටු සිහිනයන්.
සිහින නෙළුම් මල - අමරදේව මෙය ලියා එව්වේ වයික්කාලේ ඈන් නිලන්ති ප්‍රදීපිකා
උපහාර වැඩ සටහනට තුති
ජාතික රූපවාහිනිය මඟින් බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් මහතාට උපහාර වැඩසටහනක් ගෙන ඒම අගය
කළ යුතුය. නව සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතාණෙනි ඔබට බෙහෙවින් තුති. එම්. ඩී. විල්ෆ්රඩ් කට්ටුව මීගමුව
නාමල්ට ඉක්මන් සුවය
සමු ගන්නේ නෑ, ඔබේ ලොවේ අද මා රැඳිලා යන ගීත ඇසෙද්දී නිතැතින්ම නාමල්ව සිහිපත් වේ.
ඔහුට ඉතාම ඉක්මනින් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමු. වියානි ගුණවර්ධන ශීලා වැන්ඩර්ලන් වෙන්නප්පුව
වරෙන් හීන් සැරේ වින්දනයක් එක් කළා
සුනිල් ශාන්තයන්ගේ අනූ නම වැනි ජන්ම දින සැමරුම අරබයා ස්වාධීන රූපවාහිනිය 'වරෙන්
හීන් සැරේ' නමින් පසුගියදා ප්‍රසංගයක් කළා. එහිදී අපට ලොකු වින්දනයක් ලබා දෙමින්
සුනිලුන් ගී අයිවෝ ඩෙනිස්, ටී. එම්. ජයරත්න, ඉන්දිකා උපමාලි, දෙව්මිණි ප්‍රනාන්දු,
කසුන් කල්හාර ගායනා කළා. නව සංගීත සංයෝජනයෙන් සුරේෂ් මාලියද්ද මහඟු ප්‍රතිභාවක්
පෙන්නුවා. සුනිලුන්ගේ අදීන ගීතාවලිය පිළිබඳ ඉන්ද්‍රසිරි සුරවීර දැක් වූ අදහස් ඉතා
අගෙයි. සුනිමාලි ගෝමස් කටුබැද්ද මොරටුව
තීක්ෂණ හැඩ වෙන හැටි
සායම් කිරිල්ලී පාට පාට හරිම හැඩයි සෝමා එච්. පතිරණ කහවත්ත
මර්සි සමුගත්තද අමතක කළ නොහැක
ඉපදීම මියයෑම ලොව ස්වභාව ධර්මයයි. මර්සි එදිරිසිංහ නම් ඇය සමුගෙන මේ මාර්තුවට වසරක්
ගත වුවත් ඔබේ ඒ සුන්දර රඟපෑම, හඬකැවීම් නම් කිසිදා අපට අමතක නොවේ. එයටත් අමතරව ජාඇල
ගමේ විසූ කාලයේ ගම්වාසීන් සමඟ සුහදව සිටි අයුරු අපට දිවි ඇතිතුරා සිහිවටනයක් සේ
මතකයේ රැඳේවි. දයාබර මර්සි අක්කේ ඔබට සදාකාලික මෝක්ෂ සම්පත්තිය ලැබේවා. ඒ අපේ
පැතුමයි. සුසිලා පතිරාජ උස්වැටකෙයියාව
කෞශල්‍යාගේ රඟපෑම් අති විශිෂ්ටයි
වාරණයෙන් පසු ඇත්ත වශයෙන්ම මා දුටු සම්භාව්‍ය චිත්‍රපටයකි බොර දිය පොකුණ. කෞශල්‍යා
ප්‍රනාන්දුගේ රඟපෑම ස්වර්ණා මල්ලවආරච්චිගේ රඟපෑමට සම කළ හැකිය. දයානන්ද ද සිල්වා හික්කඩුව
රුවන් ශ්රීලාල්ට
එදා පුංචි වෙළෙන්දා විලස ප්‍රසංග වේදිකාවේ ලොකු හපන්කම් කරමින් තම මිහිරි හඬින්
රටක් සනසාලු ඔබ අද වෛද්‍යවරයකු ලෙස දහස් සංඛ්‍යාත අසරණ රෝගීන්ගේ ගතත් සිතත්
සනසවාලීම කොතරම් අපූරුද? ලක්ෂ්මන් රණසිංහ හේකිත්ත වත්තල
අධ්යක්ෂ මණ්ඩලයට එක් වූ වයලා මහත්මියට
වසර ගණනාවක් චිත්‍රපට සංස්ථාවට සුවිශාල මෙහෙවරක් ඉටු කොට විශ්‍රාම ගොස් අද දින
අධ්යක්ෂ මණ්ඩලයට පත් වූ ප්‍රථම කාන්තාව ඔබ විය හැකි බව මාගේ විශ්වාසයයි. වයලා
දයාරත්න මහත්මියනි, ඔබට මාගේ උණුසුම් සුබපැතුම්. විජයානන්ද පොඩි නිලමේ නාලන්දාරාම පාර නුගේගොඩ
මාතලන් යළි කළොත් අවමානයක් වෙයිද?
මාතලන් චිත්‍රපටය යළි නිපදවීමට යන බව සැලයි. මෙය පළමු චිත්‍රපටයට කරන අවමානයකි.
කනගාටුවකි. සරත් රණසිංහ කපුගොඩ මාළිඳ
S.M.S.
මහේන්ද්‍ර පෙරේරා නම් ඔහු සොඳුරු නිහතමානී කලාකරුවෙකි. ඔබ ලෝකයේ සිටින දක්ෂතම
නළුවකු යැයි හඳුන්වා දීම වරදක් නැත. මනෝජ් වින්දන පන්නිපිටිය
ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ හිතවත්කම් මත අවස්ථාව ලැබෙනවා වැඩියි. එම තත්ත්වය අවම
වූදාට නියම නළුවාට නියම චරිතය ලැබෙනු ඇත. ප්‍රකාශ් අනුරාධපුර
රජ හොරු සිනමාපටයෙන් පසුව අර්ජුන කමලනාත්ගේ රුව අප දුටුවේ මහරජ ගැමුණු සිනමාපටයෙනි.
ඔහු එහි හාත්පසින්ම වෙනස් වූ චරිතයක් මවයි. අර්ජුනට එවන් වූ වෙනස් චරිතයක් දුන්
ජයන්ත චන්ද්‍රසිරිට මාගේ ප්‍රණාමය. වසන්ත බියගම
ග්‍රේෂන් නැති අඩුව කවුරු විසින් පුරවන්නද. එදා සිනමා ශාලාවට ගියේ ඔබේ හඬ ඇසීමටය.
නමුත් අද? නිසංසලා වත්තේගෙදර
රුවන් හෙට්ටිආරච්චිගෙන් බයිලා ගීතයක් අවශ්‍යයි. කවිඳු නුගේගොඩ
කලක් අප භීතියට පත් කළ රිදී තිරයේ දුෂ්ටයා වූ මාක් සැම්සන් අද කෝ? ඔහු නැවතත් සිනමා
රංගනයට අවතීර්ණ වූවා නම් හොඳයි. මොකද දැන් ඉන්නේ සීනි බෝල දුෂ්ටයෝ නිසා. වාසනා දමයන්ති මල්කඩුවාව
සිංදු රීමික්ස් කරන එකට මං විරුද්ධ නැහැ. රීමික්ස් කරපු සිංදු නිසා තමයි මං ඒ වගේ
සිංදු තියෙනවා කියලා හරි දැනගත්තේ. කමලා මතුගම
මම දැකපු ලස්සන පෙම් යුවල තමයි මේ ආදරයයි ඩ්‍රාමා එකේ ඉෂිතා සහ රමන්. අසංගිකා කුරුණෑගල
නව පරපුරේ ගායකයොත් නැත. නළුවොත් නැත. ඉන්නේ ගීත කියන අය සහ දෙබස් කියන අය පමණි. ශාලින්ද අම්පාර
ලොව හොඳම පිය ගුණ ගීතය තමයි ටීි. එම්. ජයරත්න ගයන 'අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී'
එය අහන වාරයක් පාසා මගේ දෑසට කඳුළු එනවා. පියුමි ග්‍රෑන්ඩ්පාස්
දූ දරුවෝ, බැද්දෙගෙදර වැනි නාට්‍ය අයේ පෙන්වනවා නම් හඬ කැවූ විදෙස් නාට්‍ය කිසි
කෙනෙක් බලන එකක් නැහැ. ගාමිණී වාද්දුුව
දැන් දැන් ආත්මා ලියනගේ ද එකම රැල්ලකට කොටු වෙලා. ඔහු ගැයූ නවතම ගීත සියල්ල එක වගේ. සිසිල්ක හඳගම සීනිගම
මෙරට බිහි වූ හොඳම ගායක යුවල ලෙස මම දකින්නේ ලතා ධර්මදාස යුවළයි. ඔවුන් එදා ගැයූ
චිත්‍රපට පසුබිම් ගීත කොතෙක් රසවත් ද කිව්වොත් මගේ මුනුපුරාට නින්ද යනකම් මං අහන්න
දෙන්නේ ඒවා. ශීලා කහටපිටිය
කලාකරුවන් වයසට ගියාම ලෙඩක් දුකක් හැදුනාම කාටවත් අතපාන්නේ නැතුව හිටියොත් තමයි
හොඳ. ඒකට කරන්න තියෙන්නේ තමන්ට පුළුවන් කාලේ හොඳට හම්බ කරගෙන කීයක් හරි ඉතුරු
කරගන්න එක. ලක්ෂමන් ද සිල්වා මෝදර
සිංහල සිනමාවේ මතු දියුණුව තකා විජය නැවත කලා ලොවේ ඉපදෙන්න. පී. වි. අනුලාවතී අවිස්සාවේල්ල
ආදර දෑසක් ටෙලි සිතුවමේ උදාරි අක්කි, කාවිංග සහ අමිල අයියලා ඉදිරිපත් කරන රංගනයන්
සදා අමරණීයය. හර්ෂනාථ බණ්ඩාර නිකවැරටිය
සන්තුෂ් සහ දුෂ්යන්ත්ගේ ආදරණීය පියා නාලක වීරමන්ට,
ඔබට දක්ෂ පුතුන් දෙදෙනෙකු ඉන්නවා. ඒ අය සමාජයට කරනා මෙහෙය උතුම්. දුෂ්යන්ත්ගේ ෂෝ එක
දවසෙයි ඔබව සැබවින්ම දුටුවේ. ඔබට සදා ජය. ප්‍රනීත පෙරේරා මොරටුව
රෑ නිදි ලොවේ මැවෙන්නේ ස්වප්නාම තමයි සිහිනෙන් පවා. නිලූකා අවිස්සාවේල්ල
සුජාතා නාට්‍යයේ සුජාතා ලෙස රඟන හර්ෂි රසංගා නංගියාට. ඔබ ඒ චරිතය මැනවින් නිරූපණය
කරනවා. මට හිතෙන්නේ ඔබට ඉතා දිගු ගමනක් මේ ක්ෂේත්රයේ යා හැකියි. මධුෂිකා සඳරුවනි කඩුවෙල
නව පරපුරේ ගායකයන්ගේ සිංදු අප අහන්නේ හරිම අමාරුවෙන්. වෙලාවකට හිතෙනවා මේවා සිංදු ද
කියලා. ෂයිනි මූණමල්ගහවත්ත
බන්දු සමරසිංහගේ පුවත්පත් ලිපි වැඩිපුර පළ වෙන්නේ නැත්තේ ඇයි. ඔහුගේ ලිපියක්
පුවත්පතක ගියොත් එය උණු කැවුම් මෙන් අලෙවි වේවි. නිශාන්ත පාතදුම්බර
රොමේෂ් සුගතපාල විරහ ගීත ගැයුවා ඇති. ඉක්මනින් බයිලා ආරට ගීතයක් ඕනෑ. විමුක්ති නන්දසිරි කටුනේරිය
මේරියන්ස් කණ්ඩායම කොපමණ වයසට ගියත් එහි නායක නලින් පෙරේරා අදටත් තරුණයි. ඔහුගේ
හඬත් ඒ වගේ. සුරංගා වේවැල්දූව
කරුණාකර ටෙලිවිෂන්වල ටෙලි නාට්‍ය විකාශය කරලීම නවතා දමා වෙළෙඳ දැන්වීම් පමණක්
ප්‍රචාරය කරන්න. විනූ ඇඹිලිපිටිය
ප්‍රතිචාර ක්ෂණිකව එවන්න 0752805047 අංකයට. තැපැල් හෝ සටහන් පත් මඟින් ප්‍රතිචාර
‘සරසවිය’ ලේක්හවුස්, |