|
පැය හැත්තෑ දෙකකින් තැනූ චිත්‍රපටය ගිනස් දොර ළඟ හිර වෙලාකැනඩාවෙන් සම්මානයකටත් නිර්දේශිතයි
පැය හැත්තෑ දෙකක් ඇතුළත මංගල ගමන නමින් තිර රචනය ලියා එහි රූගතවීම් වූ ගිනස් පොත සඳහා වාර්තාවක් තැබූ අධ්යක්ෂ නන්දන හේවාපන්නගේ චිත්‍රපටය කැනඩා ජාත්‍යන්තර සම්මාන උළෙලේ විදේශ භාෂා අංශයේ රෝයල් රියල් සම්මානය සඳහා නිර්දේශව ඇති වග ඔහු පැවසිය. මේ අතර චිත්‍රපටය ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා ඇති වී ඇති අර්බුදය පිළිබඳව ද විස්තර කළේය. “මං නොයෙක් බාධක මැද්දේ මේ චිත්‍රපටය කළේ. පැය 71 ක් ඇතුළත පුදුම විදිහට වෙහෙස වෙලා චිත්‍රපටය නිම කළා. මංගල ගමන ලෙසටයි එය නම් කළේ. මා එහි සියලුම ලියකියවිලි ටික ගිනස් කමිටුවට යැව්වා. ඔවුන් ඒ සාක්ෂි සියල්ලම පිළිගෙන තියෙන්නේ. නමුත් එම වාර්තාව සම්පූර්ණ වන්නට නම් එක් දිනක් හෝ පිළිගත් චිත්‍රපට ශාලාවක තිරගත කරන්නට ඕනෑ. ඒ සඳහා මං වගකිවයුතු ආයතනවලට ගිහින් ඒවාහි අදාල සියලු වගකිවයුතු තැනැත්තන් හමු වෙලා ඉල්ලීමක් කළා. මට ඊට අවස්ථාව දෙන්න කියලා. කිසිම ප්‍රතිචාරයක් නැහැ. මට කියාගන්න බැරි තරම් දුකක් ඇති වුණා. මං අහිංසක දුප්පත් කලාකරුවෙක්. එබැවින් ගිනස් වාර්තාව නීත්‍යානුකූල පිළිගැනීමට මංගල ගමන චිත්‍රපටය පෞද්ගලිකව ශාලාවක ප්‍රදර්ශනය කරන්න මට සල්ලි නැහැ. මේ වෙලාවේ මට උපකාරයක් කරන්න කෙනෙක් ඉදිරිපත් වුණොත් ඒක මුලු ලංකාවටම කරන ගෞරවයක් වේවි. ගිනස් කමිටුවෙන් ඉල්ලන්නේ එක් දිනක් මෙය තිරගත කොට එය නරඹන්න එන ජනතාවගේ සහ හොල් එකේ වීඩියෝ කරපු දර්ශනයක්. ඒ වාගේම එදින අළෙවි කළ ටිකට් එකතුවත් ඔවුන් ඉල්ලනවා. මේ සුළු දේ කරගන්න බැරි වුණොත් මගේ මහන්සිය අපතේ ගිහින් අප සිනමා කෘතිය පිළිබඳ ගිනස් වාර්තා පොතට යන එක වැළකෙනවා. මංගල ගමන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් මහජන ප්‍රදර්ශනයට අවසර ලැබිලා තියෙන්නේ. ඒ වගේම කැනඩා ජාත්‍යන්තර සම්මාන උළෙලේ රෝයල් රියල් සම්මානයට ද මෙය හිමිකම් කිව්වා. ඒ සම්මානය ගන්න යෑමටත් බැරි වේවි. මොකද ඒ සඳහා ද මට සල්ලි නැති නිසා. කෙසේ නමුත් එක් දිනක් චිත්‍රපට ශාලාවක පෙන්නුවොත් ගිනස් වාර්තා පොතට ඇතුළත් වේවි. මොන දේ කරන්නත් ගිනස් කමිටුවෙන් මට මාසයයි දීලා තියෙන්නේ”. |