වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජාති ජාතිත් වාසනාවන් ඔබ වැනි සදිසි අම්මාවරුන්

ජාති ජාතිත් වාසනාවන් ඔබ වැනි සදිසි අම්මාවරුන්

සඳ විලස තරු පිරු වැරූ
පරපුරම කළ එළි කෙරූ
ජාති ජාතිත් වාසනාවන්
ඔබ සදිසි අම්මාවරුන්

ඉස්සර කාලේ ගුවන් විදුලියේ ජනප්‍රියම වැඩ සටහනක් වුණේ සරල ගී. අද වගේ සල්ලි තිබුණට ආවට ගියාට ගායකයන් බිහි වෙන්නෙත් නෑ. සරල ගී පරීක්ෂණයකින් සමත් වෙනකම් ගායකයකු වීමත් බොරු. කොහොම වුණත් පසුගිය කාලේ ගුවන් විදුලිය සරළ ගී නතර කරලා දැම්මා. එහෙත් ඊයේ රාත්‍රියේ ගුවන් විදුලියෙන් ආපහු ඒ සරල ගීත ආරම්භ වුණා. එහි මුල්වරට ගී ගැයුවේ ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර. ලක්ෂ්මන්ගේ සරළ ගී වැඩසටහනක් විකාශය වූයේ අවුරුදු පහළොවකට විතර පස්සේ.

ගාමිණී ලේල්වල, පුෂ්ප රන්ජිත් කරන්නාගොඩ සහ බණ්ඩාර ඇහැලියගොඩ රචනා කරන ලද මේ සරළ ගීත සංගීතවත් කළේ නාලක අංජන කුමාර සහ උපාලි මෙන්ඩිස්. ලක්ෂ්මන් විජේසේකර ගායනා කළ මෙහි මුලින් සඳහන් කළ සඳ විලස, තරු පිරු වැරූ ගීතය රචනා කර තිබුණේ බණ්ඩාර ඇහැලියගොඩ. කලෙකට පස්සේ ලක්ෂ්මන් විජේසේකර ගේ අලුත් ගී ගායනයක් අසන්නට ලැබීත්, සරල ගී නැවත ආරම්භවීමත් එක වගේ සතුටු වන්නට කාරණාවක්.