|
|
විචාරක අවධානය දිනූ විශිෂ්ට චිත්රපටයරැකියාවක් නැතිකමට සොයා ගත් වාර්තා රස්සාව
වර්තමාන ලෝකය තාක්ෂණයේ ඉහළ දියුණුවක් ලබාගෙන තිබේ. එවැනි වූ සාර්ථක දියුණුක් ළඟා කරගෙන සිටින ලොස් ඇන්ජලිස්හි ජනතාව ගත කරන්නේ ද අතිශය වේගවත් වූත් කාර්යබහුල වූත් ජීවිතයකි. වේගයෙන් දිව යන සමාජයේ අපරාධවල ද අඩුවක් නොවේ. එමෙන්ම ඉල්ලුම ඇති ඕනෑම දෙයක් විකිණිය හැකි වේ. එහිදී පාපන්දු පිටියක තීරණාත්මක අවසන් පහර සේම රිය අනතුරකින් තුවාල ලබන පුද්ගලයෙකුගේ අවසන් හුස්ම පොද පවා කඩිනමින් වාර්තා කිරීමට ජනමාධ්‍ය යුහුසුළු වෙයි. එහිදී සෑම පොලිස් සයිරනයක්ම අවස්ථාවක් විය හැක.
අතිශ්‍ය ත්‍රාසජනක සිදුවීම් ඇතුළත් චිත්‍රපටයක් ලෙස Nightcrawler ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තේය. ලුවිස් බ්ලෝම්ගේ අපරාධ වාර්තාකරණය රූපයට පෙළ ගස්වන්නේ මෙම චිත්‍රපටයයි. Nightcrawler ඩෑන් ගිල්රෝයිගේ අධ්‍යක්ෂණයකි. තිර රචකයෙකු ලෙසින් ප්‍රසිද්ධ ගිල්රෝයි අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ද මෙම චිත්‍රපටයෙනි. මෙහි තිර රචනය ද ඔහුගේය. ඒ වෙනුවෙන් ඔහු පසුගිය 2014 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ස්වීය තිර රචනය වෙනුවෙන් සම්මානනීය වූවේය. ජේක් ගෙලෙන්හෝල් මෙහි ලුවිස් බ්ලෝම්ගේ චරිතයට පණ පොවන්නේය. මෙහිදී ඔහුගේ රංගනය කා අතරත් කතාබහට ලක් විය. ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළුව සම්මාන උළෙල විසි හතකදී ඔහුගේ රංගනය හොඳම රංගනය වෙනුවෙන් නාමයෝජනා විය. සන් දියාගෝ චිත්‍රපට විචාරක සංගමය, ඩබ්ලින් චිත්‍රපට විචාරක සම්මාන උළෙල, වැන්කුවර් චිත්‍රපට විචරක සම්මාන උළෙල, හූස්ටන් චිත්‍රපට විචාරක සම්මාන උළෙල ඔහු හට Nightcrawler චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය පිරිනැමීය. මෙම රංගනය වෙනුවෙන් ශරීරය සකසා ගැනීමට ජේක් විශාල කැප කිරීමක් කළේය. මයිකල් රේනේ රූසෝ, රිස් අහමඩ්, බිල් පැක්ස්ටන්, ෂැරොන් ටේ, ලියා ෆ්‍රෙඩ්කින්, ජේක් සමඟ Nightcrawler හි චරිත මවති.
අමෙරිකානු ඩොලර් මිලියන 8.5 ක කුඩා පිරිවැයකින් නිර්මාණය කළ Nightcrawler අමෙරිකානු ඩොලර් මිලියන 38.7 ක ආදායමක් වාර්තා කළේය. එසේම ඉහළ ප්‍රතිචාර හිමි වූ චිත්‍රපටයක් ලෙසින් සුප්‍රකට සිනමා වෙබ් අඩවිවල ඉහළ ලකුණු වාර්තා කර සිටියි. එය IMDB ලකුණු 8, රොටෙන් ටොමැටෝස් හි සියයට 95 ක්, මෙම ක්‍රිටික් හි සියයට 76 ක් වාර්තා කරයි. ජනමාධ්‍යයේ සුවිශේෂ පැතිකඩක් පෙන්නුම් කරන Nightcrawler විචාරකයන්ගේ පැසසුමට ද ලක් විය. එය මෑත කාලයේ බිහි වූ අගනාම චිත්‍රපටයක් ලෙසින් ඔවුහු හැඳින්වූහ.
|




‘ලුවිස් බ්ලෝම් ලොස් ඇන්ජලීස්හි වෙසෙන තරුණයෙකි. සාර්ථක රැකියාවක් සොයා ගැනීම ඔහුගේ
එකම අරමුණයි. ක්‍රියාකාරී තරුණයකු වුව ද රැකියා සොයා යන බොහෝ තැන්වලින් ඔහු
ප්‍රතික්ෂේප වේ. අවසානයේදී බ්ලුම් යොමු වන්නේ වෙනස්ම ආකාරයක වෘත්තියකටය. කඩිනම්
අපරාධ වාර්තාකරණය ඔහු සුවිශේෂ මඟකට යොමු කරවයි.’
පසුගිය වසරේ ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලින් ප්‍රදර්ශනය ඇරැඹි මෙම
චිත්‍රපටය 2014 ඔක්තෝබර් 31 වැනිදා සිට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොව පුරා තිරගත
කෙරිණි.

