වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




සුදර්ශියේ අවුරුදු උළෙල ජීවන්ගේ මෙහෙයවීමෙන්

සුදර්ශියේ අවුරුදු උළෙල ජීවන්ගේ මෙහෙයවීමෙන්

සිංහල සංස්කෘතික ආයතනය (සුදර්ශිය) මඟින් එළඹෙන සිංහල දමිල අලුත් අවුරුද්ද නිමිති කර ගනිමින් සුදර්ශියේ අවුරුදු කුමාරි තේරීමේ තරගයක් පැවැත්වීමට කටයුතුª සූදානම් කොට ඇත.

සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති ජීවන් කුමාරණතුංග සහ මහ ලේකම් මහාචාර්ය මුදියන්සේ දිසානායක යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මේ සඳහා වයස අවුරුදු 18 – 25 ත් අතර අවිවාහක ඕනෑම තරුණියකට අයැදුම් කළ හැක.

සුදර්ශී අවුරුදු කුමරි තරගයට සහභාගී වීමට අපේක්ෂා කරන අය මෑතකදී ගත් පැහැදිලි ඡායාරූපයක් සමඟ පුද්ගලික තොරතුරු සඳහන් කළ අයැදුම්පතක් අප්‍රේල් මස 10 දිනට ප්‍රථම ‘සුදර්ශී’ 375, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට එවිය යුතුය. - ප්‍රසාද්