වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් අමුත්තෙක් ගෙට ඇවිත්

අලුත් අමුත්තෙක් ගෙට ඇවිත්

අධ්‍යක්‍ෂ නාලක ස්වර්ණතිලක

මම නම් මේ දවස්වල වැඩකටයුතු කිහිපයක් නිසා ටිකක් කාර්යබහුලයි. මගේ ‘වයිට්ලීෆ්’ නම් ළමුන්ගේ ප්‍රසංග කලා ඇකඩමිය නුගේගොඩ අලුත් තැනකට අරගෙන ආවා. ‘දඟමල්ල’, ‘මං වෙනම මලක්’ නාට්‍යවලට සම්බන්ධ ළමුන් එකතුව රත්මලානේ දී අවුරුදු උත්සවයක් පවත්වන්නත් කටයුතු සූදානම්. ඊට අමතරව අරිසෙන් අහුබුදු සූරීන් ගේ ළමා ගීත එකතුවක් ඉදිරියේ දී එළි දක්වන්නත් එතුමාගේ දියණිය සමන්ති අහුබුදු මහත්මිය සැලසුම් කරනවා. එහි පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්නත් නියමිතයි.

මගේ පෞද්ගලික ජීවිතයේත් අපේ පවුලට අලුත් අමුත්තෙක් ඇවිත්නේ. අපේ පුංචි පුතා යෙනුල්ට දැන් මාස නවයක්. දැන් ජීවිතයේ ලොකු වෙලාවක් එයා වෙනුවෙන් තමයි වෙන් වෙන්නේ.