වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




බොන්ෂුවා සිනමා දැක්ම 28 – 30 ජාතික චිත්‍රපට සංස්ථාවේ

බොන්ෂුවා සිනමා දැක්ම 28 – 30 ජාතික චිත්‍රපට සංස්ථාවේ

ප්‍රංශ භාෂාව කතා කරන රටවල සිනමාපට ඇතුළත් බොන්ෂුවා සිනමා දැක්මක් මෙම මස 28 – 30 යන දිනයන්හි ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. මෙම උළෙලට ප්‍රංශය, ස්විට්සර්ලන්තය, කැනඩාව සහ රොමේනියාව යන රටවල්වල චිත්‍රපට අඩංගු වේ.

කැනඩා මහ කොමසාරිස් කාර්යාලය, ප්‍රංශ, රොමේනියා, ස්විට්සර්ලන්ඩ් තානාපති කාර්යාලය, ටියුනීසිය, කවුන්සිල්, ප්‍රංශ සංස්කෘතික ආයතනය සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව සහ අජෙන්ඩා 14 එකමුතුවෙන් බොන්ෂුවා සිනමා දැක්ම සංවිධානය කර ඇත.

සිනමා උළෙල සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන අතර එදින තිරගත වනුයේ ෆ‍්‍රාන්ෂුවා පිරෝගේ මොබයිල් ෆෝන් චිත්‍රපටයයි. එය ආරාධිතයන්ට පමණි.

මොබයිල් ෆෝන් සිනමාපටය 29 දා උදෑසන එකොළහට තිරගත වේ. එදින සවස 3 ට ඌෆුක් එමිරොග්ලු අධ්‍යක්ෂණය කළ මයි ෆාදර් රෙවලුෂන් ඇන්ඩ් මී ස්විස්ටර්ලන්ත සිනමාපටය ද, සවස 6 ට ලුෂන් ජෝර්ජස්කුගේ ෆැන්ටමි ෆාදර් රුමේනියානු සිනමාපටය ප්‍රදර්ශනය වෙයි.

30 වැනිදා චිත්‍රපට තිරගත වන්නේ මෙසේය.

උදෑසන 11 ට කැනඩාවේ ෆර්නැන්ඩි ඩෙසරුගේ ද හෝප් බිල්ඩර්ස් චිත්‍රපටය ද, සවස 3 ට ඩෙනිස් පොඩල්ඩස්ගේ ග්‍රැනිස් ෆියුනරල් චිත්‍රපටය ද, සවස 6 ට ස්විට්සර්ලන්තයේ මැනුවෙල් ෆොන් ස්ටාලර්ගේ වින්ටර් නොමැඩිස් වාර්තා චිත්‍රපටය ද තිරගත වෙයි.

මෙහිදී තිරගත වන සෑම සිනමාපටයකටම ප්‍රථම මෙරට නිර්මාණකරුවන්ගේ කෙටි චිත්‍රපටය බැගින් ප්‍රදර්ශනය වේ. බොන්ෂුවා සිනමා දැක්ම ඕනෑම සිනමාලෝලියකු සඳහා විවෘතය.