වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ඩයිවර්ජෙන්ට් මුලට

Top Ten

ඩයිවර්ජෙන්ට් මුලට

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි මෙම සතියේ පෙරමුණ ගෙන සිටින්නේ නේල් බගර් අධ්‍යක්ෂණය කළ Divergent චිත්‍රපටය යි. පසුගිය මාර්තු 21 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ එය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 56ක්. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ෂෙලයින් වූඩ්ලි, තෙඕ ජේම්ස්, කේට් වින්ස්ලට් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ජේම්ස් බොබින් අධ්‍යක්ෂණය කළ Muppets Most Wanted චිත්‍රපටය දෙවැනි ස්ථානයට පත්ව තිබේ. මාර්තු 21 වැනිදා සිට අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළ එය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 16.5 ක්.

රොබ් මින්කොෆ් අධ්‍යක්ෂණය කළ හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වනර්ප. Peabody & Sherman ඩොලර් මිලියන 11.7ක ආදායමක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. සිව්වැනි ස්ථානයේ සිටින්නේ නොඇම් මුරෝ අධ්‍යක්ෂණය කළ 300: Rise of an Empire චිත්‍රපටය යි. පසුගිය සති අන්තයේදී එය ඩොලර් මිලියන 8.7ක ආදායමක් උපයා තිබුණි. හාස්‍යමය පවුලේ චිත්‍රපටයක් වන God’s Not Dead ඩොලර් මිලියන 8.6ක ආදායමක් ලබමින් පස්වැනි ස්ථානයේ පසුවේ. මාර්තු 21 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ මෙහි ෂේන් හාපර්, කෙවින් සොබෝ, ඩේවිඩ් ඒ. ආර්. වයිට් ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති. God’s Not Dead අධ්‍යක්ෂණය හරෝල්ඩ් ක්‍රොන්ක් විසිනි.

අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ හයවැනි ස්ථානය හිමි වන්නේ ස්කොට් වොග් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Need for Speed චිත්‍රපටයට යි. එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 7.8ක ආදායමක් වාර්තා කළේය. වෙස් ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ The Grand Budapest Hotel චිත්‍රපටය සිටින්නේ හත්වැනි ස්ථානයේ ය. පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 6.3ක් වාර්තා කළ Non - Stop අටවැනි ස්ථානයේ සහ ඩොලර් මිලියන 4.1ක් වාර්තා කළ the Lego Movie නමවැනි ස්ථානයේත් රැඳී සිටියි. ටේලර් පෙරී අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන The Single Moms Club චිත්‍රපටයට දසවැනි ස්ථානය හිමිවී තිබේ.