වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




මුනුපුරු - මිනිපිරියන් සමඟ ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න

මුනුපුරු - මිනිපිරියන් සමඟ

ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න

රූපවාහිනිය ළඟටම වෙලා එහි යන වැඩ සටහන් නරඹන එක මගේ රාජකාරිය වෙලා. මගේ ආදරණීය බිරිය ඉන්ද්‍රාණි මාව බලා ගන්නේ බොහොම ආදරයෙන්. ඒ ආදරය එදා ඇගෙන් ලැබුණු ආදරය වගේම බව මට නිරතුරුවම දැනෙනවා. මට කවන පොවන එකේ ඉඳන් මගේ සෑම රාජකාරියක්ම ඈ කරන්නේ ඈට ජීවිත කාලයේදීම පැවරුණ යුතුකමකටත් වඩා එහා ගිය ළෙංගතුකමක් හිතේ තියාගෙන බව මට හැඟෙනවා . ඒ අතර මගේ නිවෙසට පැමිණෙන මුනුපුරු - මිනිපිරියෝ නිසා ඔවුන්ගේ සුරතල් මගේ ජීවිතය තව තවත් සොඳුරු කරනවා. ඒ නිසා මගේ සිත මගේ දරුවන් සමඟ ගත කළ ඒ සොඳුරු අතීතය සොයා ඇදෙන්නේ ඉබේමයි.