වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




සුරතලුන් සමඟ වැඩි කලක්

සුරතලුන් සමඟ වැඩි කලක්

රංගන ශිල්පිනී නෙළුම් පෙරේරා

මගේ ජීවිතයේ නම් ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය විදියට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. කලා ජීවිතයේ වසර ගණනකට පසු චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහි මට මුඩුක්කු ගහැනියක ගේ චරිතයක් නිරූපණය කරන්න තියෙන්නේ . ඒක මගේ කලා ජීවිතයේ ලොකු වෙනසක්. මේ වෙනතෙක් මට ඒ වගේ චරිතයක් රඟපාන්න ලැබිලා නැහැ. ඒ වගේම අපේ ගෙදර බලු සුරතලුන් ගොඩක් ඉන්නවා. මගේ වැඩි කාලයක් ගතවෙන්නේ උන් රැක බලාගන්න. මහ මඟ සමහර මිනිස්සු දාලා යන සතුන්වයි මම රැක බලාගන්නේ. ඒත් මම හැමෝගෙන්ම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා මේ විදියට සත්තු වුණත් අම්මලාගෙන් කිරිබොන පුංචි පැටව් මහ මඟ දාලා යන්න එපා කියලා.