වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රමාදයට හේතුව

ප්‍රමාදයට හේතුව

ඩොනල්ඩ් ජයන්ත චිත්‍රපට රැසකට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණු අද ලංකාවේ සිටින ඉහළ පෙළේ සහාය අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම කාටත් හිතවත් මිත්‍රයෙක්. ඔහු සහාය අධ්‍යක්ෂණයෙන් දායක වු ප්‍රවේගය වගේම කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපට ළඟදී තිරගත වෙන්නත් නියමිතයි. පසුගිය දවසක චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයක් පැවැත්වුණා. මේ අවස්ථාවට ඩොනල්ඩ් ඇතුළුව කලා ලොවේ හිත මිතුරන් රැසක්ම සහභාගී වුණා. ඒ අතර වූ ඩොනල්ඩ්ගේ ළඟම මිත්‍රයෙකුට ඔහු කිව්වේ ෆිල්ම් එක ඉවර වෙලා පුංචි පාටි එකකුත් තියෙනවා. ඒකටත් ඉඳලාම යන්න ඕනි කියල යි.

මේ යාළුවා ඩොනල්ඩ්ගේ ඒ ආරාධනාවට නම් එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. ‘අපෝ බෑ මචං. මං රෑ අට වෙනකොට ගෙදර යනවා. ඒ නිසා පාටි එකට නම් ඉන්න විදියක් නැහැ’ මේ යාළුවා කිව්වා. ඇත්තම ද ? මම නම් කවදාවත් රෑ අටට ගෙදර යන්නේ නෑ. ෆිල්ම් එකේ වැඩ ඉවර කරලා මාස එක හමාරකට විතර පස්සේ වේලාසනින් ගෙදරට ගිය ගමන් නෝනා පිටි ඉවරයි කියලා කිව්වා.

කලින් ගියොත් සූදුරු ඉවරයි, මාදුරු ඉවරයි නැත්නම් වෙන මොනවා හරි ඉවරයි කියනවා. ඒ නිසා මම නම් ගෙදර යන්නේ රෑ දහය හමාරවත් පහු වෙලා තමයි. මොකද එතකොට කඩවල් වහලා නේ. අනික ඒ වෙලාවට ගෙදර අයත් නිදි නේ කියලා ඩොනල්ඩ් හරි ආඩම්බරයෙන් කිව්වා.