වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් ටී ගේ හැටට රන්ජන් සිවදාසන් ගේ චිත්‍රපටයක්

සුනිල් ටී ගේ හැටට රන්ජන් සිවදාසන් ගේ චිත්‍රපටයක්

රන්ජන් රාමනායකට ප්‍රධාන චරිතය භාරදෙමින් සුනිල් ටී. ප්‍රනාන්දු සිය හැටවන සිනමාපටයේ නිෂ්පාදනය අරඹයි. එහි මුහුරත් උළෙල ඊයේ මොරටුමුල්ල පේ‍්‍රම් නිවාසයේදී පැවැත්විණ. ‘සිංහයා’ නම් වූ ඒ චිත්‍රපටයෙහි රූපගත කිරීම් ලබන අප්‍රේල් මස 02 වැනි දා සිට ඇරැඹෙනු ඇත.

වී. සිවදාසන් අධ්‍යක්‍ෂණය කරන තවත් ළමා චිත්‍රපටයක් වන ‘සිංහයා’ සඳහා මහේන්ද්‍ර පෙරේරා, දුලීකා මාරපන, ආනන්ද වික්‍රමගේ, මිහිර සිරිතිලක මේ වනවිට තෝරාගෙන ඇති නළු නිළියන් වේ. ඔවුනට අමතරව ළමා නළු නිළියන් විස්සකට අධික ප්‍රමාණයක් මෙහි චරිත මවනු ඇත.