වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




සිඟිති සින්දු අරණේ ගායන ශිල්පිනී සෙව්වන්දි වික්‍රමසූරිය

සිඟිති සින්දු අරණේ

ගායන ශිල්පිනී සෙව්වන්දි වික්‍රමසූරිය

මේ දවස්වල මගේ මූලිකම අවධානය යොමුවෙලා තියෙන්නේ සංගීත පංතියටයි. ඒක නම් කරලා තියෙන්නේ ‘සිඟිති සින්දු අරණ’ කියන නමින්. මේ සංගීත පංතියේ තිබෙන විශේෂත්වය වෙන්නේ ළමයි වෙනුවෙන් පමණක් පංතිය ආරම්භ කිරීමයි. කුඩා දරුවන්ට සොඳුරු ලෙස ළමා ගීත ගයන්න උගන්වන එක තමයි මේ දවස්වල මගේ රාජකාරිය වී තිබෙන්නේ. ඊට අමතරව ආරාධනා ලැබෙන රූපවාහිනී වැඩ සටහන්වලට සහභාගි වීමටත් මම අමතක කරන්නේ නැහැ.