වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




මතක සුළඟ සමඟ ජාතික රූපවාහිනියේ අලුත් ටෙලි කාලයක්

මතක සුළඟ සමඟ ජාතික රූපවාහිනියේ අලුත් ටෙලි කාලයක්

ආචාර්ය මහේෂ් කේ. බණ්ඩාර අධ්‍යක්ෂණය කළ මතක සුළඟ ටෙලි සිතුවම එළඹෙන සෙනසුරාදා එනම් 29 දා සිට සෑම සෙනසුරාදාවකම උදෑසන 11.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වේ.

ඔස්ට්‍රේලියාවේ රූගත කළ මෙහි විකාශය ඇරැඹෙන්නේ ජාතික නාලිකාව ටෙලි නාට්‍යයක් වෙනුවෙන් හඳුන්වා දුන් එම විකාශන කාලයේ පළමු ටෙලි සිතුවම වශයෙනි.

එස්,එල්.ටී ප්‍රඩක්ෂන් වෙනුවෙන් ඉන්ද්‍රානි පෙරේරා, සාමපි‍්‍රය සුමනසේකර, ලලිත් අමරවීර, නාලිකා පද්මසේන, ජයසිරි ලියනපතිරණ, මහී මහානාම, වෛද්‍ය දයා අමරසේකර, නිශාන්ත ජයකොඩි, රාණි බණ්ඩාර සහ කරූ කටුවන්දෙණිය නිෂ්පාදනය කළ මතක සුළඟ හි ශ්‍රියන්ත මෙන්ඩිස්, ලක්ෂ්මන් විජේසේකර, කුසුම් රේණු, චතුරිකා පීරිස්, කංචන කොඩිතුවක්කු,ගීතා කාන්ති ජයකොඩි, සම්පත් කුමාරතුංග, චන්ද්‍රා කළුආරච්චි, වසන්ත විට්ටච්චි, මමෝහාරී විමලතුංග, තිස්ස බණ්ඩාරනායක, විමලේන්ද්‍ර කුමාරි, මාධවී රවිප්‍රිය, දිනුකි ද සිල්වා, චන්ද්‍රානි බුද්ධිපාල, කරූ කටුවන්දෙණිය, සුනිල් ද සිල්වා චරිත මවති.

බන්දුල නානායක්කාරවසම් ගී පද රචනා කළ මෙහි ගායනයෙන් සුනිල් එදිරිසිංහ, ප්‍රදීපා ධර්මදාස, අනුරාධා නන්දසිරි දායක වන අතර අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගේ කැමරා අධ්‍යක්ෂණයකි, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහාය අධ්‍යක්ෂවරයාය.

- ප්‍රසාද්