වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




පාඩම් වැඩ එක්ක

පාඩම් වැඩ එක්ක

නිවේදිකා තනුජා ජයවර්ධන

ඉදිරි සතිය නම් ගත වෙන්නේ මගේ අධ්‍යයන නිවාඩු සමඟින්. සතිය අවසානයේ දී මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය උපාධියේ අවසන් පරීක්‍ෂණයට පෙනී සිටිනවා. ඒ නිසා මේ දවස්වල මම පාඩම් කටයුතුත් සමඟයි කාලය ගතකරන්නේ. ඉන්පසු අලුත් අදහස් සමඟින් අලුත්ම තාලයේ වැඩසටහන් කිහිපයක් ගෙන එන්නත් සූදානමින් සිටිනවා. ඒ නිවේදන අංශයෙන් නම් නොවෙයි. මගේ දායකත්වය ලැබෙන්නේ කළමනාකාරී අංශයෙන්.

ඒ වගේම දැන් මගේ අලුත් ගෙදර වැඩකටයුතුත් අවසන් නිසා, අලුත් අවුරුද්ද අලුත් ගෙදරම සමරන්නයි බලාපොරොත්තු වෙන්නේ.