වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ළඟදී බොඩිගාඩ් කෙනෙක් රංගන ශිල්පී කේ.ඒ.පියකරු

ළඟදී බොඩිගාඩ් කෙනෙක්

රංගන ශිල්පී කේ.ඒ.පියකරු

ස්වාධීන රූපවාහිනිියේ විකාශය වන කෝපි කඩේ ටෙලි නාට්‍යය මාලාවත් සමඟ මා දිගටම රංගනයේ යෙදෙනවා. ඊට අමතරව ‘ඔබත් එන්න මේ පාරෙන්’, ‘රජ කපටියා’, ‘වෙල්ලස්සේ වෙඩි හඬ’, ‘මනාපේ’ කියන වේදිකා නාට්‍යයවලත් රඟපානවා. ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා මා වසර තිහක් පමණ කාලයක් ගත වෙනවා. ඒ වගේම මගේම කියලා වේදිකා නාට්‍යයක් කරන්නත් මා අදහස් කරනවා. ඒ්කට නම දැම්මේ ‘බොඩිගාඩ්’ කියලා. ළඟදීම පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත මේ වේදිකා නාට්‍යයේ පිටපතත් මගේමයි.