වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩ් මකුළු මිනිසා

බොලිවුඩ් මකුළු මිනිසා

බොලිවුඩයේ ඇත්තන්ගේ හද බැඳි සිනමා චරිත හොලිවුඩයේ ඕනෑ තරම් ඇත. ඒ අතරින් මකුළු මිනිසා හෙවත් ස්පයිඩර් මෑන්ට හිමි වන්නේ සුවිශේෂී තැනකි. හඬින් හෝ එවැනි ප්‍රිය චරිතයකට සමීප වන්නට කෙනකුට හැකි නම් මොන තරම් සතුටක්ද? ඒ සතුට භුක්ති විඳින්නේ විවේක් ඔබරෝයිය. ‘දි අමෙසිං ස්පයිඩර් – මෑන් 2’ හි වීරයාට දුෂ්ටයකු ලෙසින් හෝ සමීප වීමට අවස්ථාවක් ඔහු උදා කරගෙන සිටියි.

සම්මානනීය නළු මැක්ස් විලියම් මෙහි ප්‍රධාන දුෂ්ටයා ලෙස රඟන අතර විවේක්ට සිනමාපටයේ, හින්දි නිෂ්පාදනයේ ඔහුගේ හඬ වීමට වරම් ලැබී තිබේ. ‘හරිම අපූරු සංකීර්ණ චරිතයට හඬ කැවීමට ලැබෙන තුරු මං පුල පුලා බලා සිටිනවා.’ විවේක් එසේ පවසන්නේ ඉතා සතුටිනි.

මේ විවේක්ගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලයකි. ‘ක්‍රිෂ් 3’ සහ ‘ග්‍රෑන්ඩ් මස්ති’ සාර්ථකත්වය සමඟ ඔහුගේ වෘත්තීය ජීවිතයට ලබා ඇත්තේ සිකුරු දසාවය. ඒ සියල්ලටම වඩා ඔහු සතුටු වන්නේ පුතු විවාන්ගේ ඩයපර්ස් මාරු කිරීමෙනි. ප්‍රියංකා අල්වාත්, විවේක් ඔබරොයිත් මාපිය පදවි ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි හය වැනි දිනයි.