වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




වයසට යනවා

වයසට යනවා

රංගන ශිල්පිනී අංජලී ලියනගේ

මේ සතිය මට සුවිශේෂ සතියක්. ඒ මගේ උපන් දිනය යෙදිලා තියෙන නිසා. ඒත් ඉතින් වයසට යන නිසා උත්සව තියලා ඒක සමරන්න නම් බලාපොරොත්තුවක් නැහැ. ළමා නිවාසයකට තේ පැන් සංග්‍රහයක් කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල ‘සිහින සක්මන’ සහ ‘චායා’ ටෙලි නාට්‍ය දෙකේම ෂූටිං යෙදිලා තියෙනවා. තව අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනාවක් ලැබුණා. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයටත් මම දායක වුණා. ඉදිරියේ දී ඒ රංගනය ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට දැකගන්න පුළුවන් වේවි.