වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මහ සෑ රදුන් හමුවේ - මහ රජ ගැමුණු සැරසේ

මහ සෑ රදුන් හමුවේ - මහ රජ ගැමුණු සැරසේ

සිනමා ඉතිහාසයේ දැවැන්තම චිත්‍රපටය
ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණයක්

ශ්වේත වර්ණ පින්වත් වලා වියල උඩුවියන් බැඳ, බැති සිතින් රුවන් වැලි මහා සෑ රදුන් වන්දනා කරන්නට සැරසෙන අපූරු චිත්‍රය සජීවී ව දැක බලා ගැනීමට මා දෑස මේ මොහොතේ පින්කොට තිබේ.

මහා කොත් කැරැල්ල වන්දනා කොට අභය වැව දෙසට හමන සුවදායක සුළං රැල්ලෙන් මා රිසි සේ පෙනහථ පුරවා ගතිමි. සතර දෙසම එකම ඉරියව්වක තබමින් දොහොත් මුදුන් දී පෙළ ගැසුණු සැදැහැවතුන් මහ සෑ රදුන් වන්දනාවකය.

මහරජ ගැමුණු නම් වූ ශ්‍රේෂ්ඨ නරපතිදාණන් දිව්‍ය ලොවක සිට මේ සියලු දේ පිළිබඳ බලා සිටින වග ඒකාන්තය. නෙථම්, මානෙල් වලින් සුවඳවත් වූ සලපතල මථව දැන් එකම හිස් ගොඩකි.

සිංහල සිනමාවේ තරු ගොන්න ද සලපතල මථවේ එක් කොනක දැහැන්ගත අධිෂ්ඨානයක ය. තම නිර්මාණය හැකි ඉක්මනින් සාර්ථකව හිමිකරදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම දෙස කුථණුබරව නෙත් යොමා හිඳින මහ සෑ රඳුන් ඊට ආශිර්වාද කරන බව සිකුරු ය. ඒ තරමටම මේ සැරැසෙන කටයුත්ත සැමට සද් ක්‍රියාවකි.

මේ සියල්ලන් ඉතා සන්සුන්ව සූදානම් වන්නේ ‘ මහරජ ගැමුණු’ චිත්‍රපටය ආරම්භ කිරීමේ අධිෂ්ඨාන පූජාව සඳහා ය.

එක පෙළට එක් වූ සිනමාවේ තරු පොකුර රුවන්වැලි මහ සෑ රදුන් වන්දනා කරන්නේ සන්සුන් ගමනින් ය. මහා සංඝයා වහන්සේලා පෙරටු කොට ගනිමින් සියලුම වන්දනා කටයුතු ආරම්භ වූයේ සිංහල සිනමාවේ තවත් දැවැන්ත නිර්මාණයක ආරම්භය සනිටුහන් කරමිනි.

මහරජ ගැමුණු චිත්‍රපටය පිළිබඳ අපට අසන්නට ලැබුණේ මීට වසර කිහිපයකට පෙර ය. නමුදු එදවස යථාර්ථයක් බවට පත්කර ගැනීමට නොහැකි වූ සිහිනය අද එළි දුටුවේ සියලු දෙනාගේ සිත්මත බලාපොරොත්තුවේ උද්දාමය වපුරවමිනි.

ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නරවිරුවාණන්ගේ කතාන්දරය නොහොත් රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ කතාන්දරය සිනමාවට බිහිවීම අද සිට ඇරැඹෙනු ඇත.

ජයන්ත චන්ද්‍රසිරිගේ සිතෙහි සුවදායක බලාපොරොත්තුවක් ලෙස සටහන් වූ මහරජ ගැමුණු චිත්‍රපටය සඳහා මෙවර පින්වත් නිෂ්පාදන දායකත්වය සපුරාලන්නේ ගුණපාල රත්නසේකර විසිනි.

හෙතෙම ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ කථිකාචාර්යවරයකු වීම ද විශේෂත්වයකි.

භක්තිමත් මෙන්ම ශක්තිමත් සිත් ඇති කලාතරු ඇසිපිය නොහෙලා දෑස එකම අරමුණක ය. ඒ මේ නිර්මාණය සිතන පතන ලෙස සාර්ථක වෙතැයි යන සද් පැතුමෙනි.

මේ ලිපිය කියවන ඔබ ද එසේ පතන බව මම දනිමි. ඒ තරමටම මහරජ ගැමුණු චිත්‍රපටය නැවත අප ඉතිහාසය ලියා තබන සංදිස්ථානයකි.

අධිෂ්ඨාන පූජාව අවසන විත්‍රපටයේ මුහුරත් උළෙලේ කටයුතු සිදුවන්නේ ෆාම් ගාඩ්න් විලේජ් හෝටලයේ දීය.

කෙමෙන් ගෙවීගිය සන්ධ්‍යාව දැන් මද අඳුරෙන් පරිසරය වසනා තරමට තාරුණ්‍යයට ළං වී ඇත. ෆාම් ගාඩ්න් විලේජ් හෝටලයට නේක වර්ණ තරු පැමිනෙන්නේ තම කාන්තිය දෙගුණ තෙගුණ කරමිනි.

මීට පැය කිහිපයකට පෙර දුටු ශ්වේත පද්ම දැන් නෙක වර්ණයෙන් පිරි මල් මෙන් සොඳුරුය. රාත්‍රියෙහි පැවැත්වෙන මුහුරත් උළෙල චාම් අර්ථවත් වූ එකකි.

රාත්‍රියේ ඇරැඹුම සමඟම මහරජ ගැමුණු චිත්‍රපටයේ වැඩකටයුතු ඇරැඹුණේ ඉතිහාසයට පෙම් බඳින අපේ රටට ආදරය කරන සැමදෙනාට අලුත්ම අලුත් බලාපොරොත්තුවක් ඉතිරි කරමිනි.

මේ ඒ මොහොතේ ගුණ රුව වරුණ අපට හමු වූ ආකාරයයි.