වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඇන්ජලිනා සූප පොත් පත්

ඇන්ජලිනා සූප පොත් පත්

සමාජයේ උඩුගං බලා යමින් වීර චරිත බවට පත් පුද්ගලයන්ට තිරයේ පණ දීමට තරු කවදත් කැමැතිය. එසේ ප්‍රාණය දුන් තාරකාවන්ට ඒ චරිත තරමටම කීර්තියට පත්වීමට හැකි වී තිබේ. මෙවර වීර චරිතයකට පණ පෙවීමට බලා සිටින්නේ ඇන්ජලිනා ජොලීය. නිගෙල්ලා ලෝසන් නම් ජනප්‍රිය, සුපිරි සූප තාරකාවගේ චරිතයට පණ දීමට ඇය ඉතා කැමැත්තෙන් බලා සිටින්නීය.

ලෝසන් සූප පොත් ගණනාවක්ම ලියා තිබේ. ලෝසන්ගේ ජීවිතය විවිධ බාධක මැදින් ගලා යන ගංගාවක් බඳුය. පසුගියදා ඇය කොකේන් භාවිතය ගැන ද වරදකාරියක වූවාය.