වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




දිවක් විඳින දුකක්

දිවක් විඳින දුකක්

පරිනීතා චොප්රාට, චරිතයක් නිසා දිවට පුදුම දුකක් දීමට සිදු විය. ඇය කැමැති සියලුම කෑමවලින් ඈත් වී සිටින ලෙසට පරිනීතාට තහංචි පනවා තිබිණි. ඇයට මේ අමිහිරි අත්දැකීම ලබා දෙන චරිතය ඇතුළත් සිනමාපටය ‘හසී තෝ ෆසී’ ය.

චොකලට්ස්, කප්කේක්ස්, පීසා සිනමාපටය රූගතකර අවසන් වෙන තුරුම ඇයට කෑමට තහනම් කර තිබුණේ අධ්‍යක්ෂ විනිල් මැතිව්ය. මේ ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණයයි.

රූගත කිරීම අවසන් වන දිනයේදී ඔහු ඇයට විශාල කප්කේක්ස් පෙට්ටියක් තෑගි දෙන බවට පොරොන්දු වී තිබේ. ඒ පොරොන්දුව රූගත කිරීම අවසන් වූ දිනයේදී ඔහු එලෙසින්ම ඉටුකර තිබේ. චිත්‍රපටයේ චරිතයට පරිනීතා සිහින්ව තබා ගැනීමට අවශ්‍ය වීම නිසා ඔහු මෙසේ තහංචි පැන වූවේය. මේ පෙබරවාරි 7 වැනි දින සිනමාපටය තිරගතවීමට නියමිතයි.