වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




දීපිකාගේ අලුත් පළහිලව්ව

දීපිකාගේ අලුත් පළහිලව්ව

දීපිකා පදුකෝන් බොලිවුඩයේ අලුත්ම සිහින තාරකාවයි. අධ්‍යක්ෂවරුන්ගේ ධන නිධානයයි. මේ සුපිරි තාරකාවගේ හද රන්වීර් සිං සොරා ගෙන ඇති බව රහසක් නොවෙයි. දීපිකා මේ ආදරය ලොවට අංශු මාත්‍රයකින්වත් හෙළි නොකළත් රන්වීර් නම් අවස්ථා දෙක තුනකදී සිය ආදරය ගැන පවසා තිබේ.

එහෙත් දැන් නම් ඔවුන්ගේ විවාහය සඟවන්නට කිසිදු අයුරකින් ඉඩ නොලැබෙනු ඇත. මේ වන විටත් ඔවුන් විවාහ වී අවසන්ය. එහෙත් ඔවුන් විවාහකයන් ලෙස දකින්න ලැබෙන්නේ හැබැහින් නොවෙයි. රිදී තිරයෙනි.

ඔවුන් හොමි අඩජානියාගේ ඊළඟ සිනමාපටයේ රඟපාන්නට නියමිත සැමියා සහ බිරිය ලෙසිනි. එහි අර්ජුන් කපූර් ද රඟපායි. එහෙත් වැඩිපුරම ඇත්තේ දීපිකා සහ රන්වීර් එකට රඟන දර්ශනයි.

දීපිකා ජනවාරි 5 වැනිදා විසි අට වැනි උපන් දිනය රන්වීර් සිං සමඟ නිව්යෝර්ක් හි දී සැමරූහ.

රන්බීර් කපූර්ට ආදරය කිරීමට ගත් තීරණය වැරැදි තීරණයක් බව ‘කොෆී විත් කරන්’ වැඩ සටහනේදී දීපිකා පසුගිය දිනක පැවසුවාය. රන්වීර් ද අනුෂ්කා ෂර්මා සමඟ කලින් සබඳතාවක් පවත්වා තිබුණ ද එය මල් පල දැරුවේ නැත.