වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




හැකියාවන් බොහොමයකින් පොහොසත් නිලංගනී පෙරේරා

හැකියාවන් බොහොමයකින් පොහොසත් නිලංගනී පෙරේරා

පුංචි තිරයේ දිස්වන ටෙලි නාට්‍ය, චිත්‍රපට, හඬ කැවීම වැනි කටයුතු රැසකින් පරිපුර්ණ වූ ඇය නිලංගනී පෙරේරා.

ඇයගේ මුල්ම ටෙලි නාට්‍ය වුයේ බර්මින්ලයිලි ප්‍රනාන්දුගේ බිම්මල් ටෙලි නාට්‍යය යි. 1991 වසරේදි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ දිනවල හිරු තනිවෙලා, මුතු පලස, වීදි පහන් වැනි ටෙලි නාට්‍ය රැසකම රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ලව් 2001, සමු නොගන්න සුගන්දිකා, කිං හන්තර්, අඟර දඟර වැනි චිත්‍රපට රැසකටද දායක වූ ඇයගේ රංගනය නුදුරේදි තිරගතවීමට නියමිත සිවගුරුනාදන්ගේ කෝ මාක් නෝ මාක් චිත්‍රපටය තුළත් ඔබට දැකගත හැකි වේවි.

පිළියන්දල පදිංචි ඇයට තම සැමියා නිශාන්ත ගුණසේකරගෙන් රංගන කටයුතුවලට ලැබෙන්නේ විශාල ශක්තියක්. බර්මින්ලයිලි ප්‍රනාන්දු, හෙන්රි ජයසේන, මානෙල් ජයසේන, ටෙලිවීව් ආයතනයේ ශාන් දිසානායක ඇතුළු විශාල පිරිසක් ඇගේ හැකියාව ඉදිරියට ගෙන යන්නට ලබා දී ඇත්තේ විශාල සහයෝගයක්.

ඉදිරියටත් කලා ක්ෂේත්‍රයට තම හැකියාවෙන් උපරිම දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින ඇය තම රංගන හැකියාවට ප්‍රතිචාර දක්වන ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් ඇයගේ ස්තූතිය පුදකර සිටියි.