වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඇඳුම්වල ගණන්

ඇඳුම්වල ගණන්

මැරිලින් මොන්රෝ කී සැණින් සිහියට නැගෙන්නේ උකුළටත් උඩින් සුළෙඟ් ගිය දිගු රැළි සුදු ගවුමයි. වීනස් රුවක් මෙන් පියකරු ඇයගේ රුවෙහි සුන්දරත්වය එම ගවුම නිසා වඩාත් ඔප වැටී පෙනුණා යයි පැවසීම මුසාවක් නොවෙයි.

වඩාත් මතකයේ රැඳෙන සිනමා ඇඳුම් අතරින් ජනතා මනාපයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ ‘සෙවන් ඉයර් ඉච්’ (1955) සිනමාපටයට මැරිලින් ඇඳි දිගු සුදු ගවුමයි. සිනමාපටය තිරගත වූ දා පටන් මේ ගවුම ජනප්‍රිය සංස්කෘතියේ උරුමයක් විය.

දෙවැනි තැන ‘ද විසාඩ් ඔෆ් ඌස්’ (1939) සිනමාපටයට ජූඩි ගාලන්ඩ් ඇඳි ගවුම ද, තෙවැනි තැන ‘ග්‍රීස්’ (1979) සිනමාපටයට ඔලීවියා නිව්ටන් - ජෝන් ඇඳි තද සම් කලිසම සහිත ඇඳුම් කට්ටලය ද තේරී ඇත. ජනප්‍රිය ඇඳුම් අතර ‘ඩොක්ටර් නෝ’ බොන්ඩ් සිනමාපටයට උර්සුලා ඇන්ඩ්‍රස් ඇන්ද සුදු බිකිනිය ද ‘බ්‍රෙක්ෆස්ට් ඇට් ටිෆනි’ සිනමාපටයට ඔඩ්‍රි හෙප්බර්න් ඇඳි කළු ගවුම ද තිබේ.