වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තා වගේ නොවුණ පුතා

තාත්තා වගේ නොවුණ පුතා

ධනපාල උඩවත්ත කියන්නේ මෙරට ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල ගායන ශිල්පියෙක්. මා ආදරණීය මගේ අම්මා වෙතටයි ගීතය ගයමින් මෙරට ප්‍රථම රණවිරු ගීය ගැයු ගායකයා වන්නේත් ඔහුම තමයි. මේ වනවිට සංගීත දිවියේ 45 වැනි කඩඉමේ සිටින ධනපාල උඩවත්ත ඔහුගේ ගීත ගොන්නේ එක් ගීතයක් වෙනස් කරලා. ඒක ඇත්තටම ලොකු වෙනසක්.

ඔහු ගයන රංග නදීකා යන්න ගියා... ගීතය තමයි මේ විදියට අලුත්ම ආරකින් ඔබ හමුවට එන්නේ. හැබැයි මේ ගීය අලුත්ම තාලෙට ගායනා කරන්නේ නම් ධනපාල උඩවත්ත නොවෙයි. ඔහුගේ දෙවැනි පුතා ශමිත් උඩවත්ත තමයි රංග නදීකා ගීතය අලුත්ම තාලෙට ගායනා කරන්නේ.

එහි සංගීත නිර්මාණය කරලා තියෙන්නේ උඩවත්තගේ ලොකු පුතා ගයාන් උඩවත්ත. ළඟදීම දවසක එළිදකින මේ ගීතය මුලින්ම නිර්මාණය කෙරුණේ 1980 වසරේදී.

එහි පද රචනය වගේම එදා සංගීත නිර්මාණය කළෙත් ධනපාල උඩවත්ත විසින්මයි. එදා තාත්තා නිර්මාණය කළ ගීතය අද පුතාලා අලුත් කරලා අලුත් පරම්පරාවට දෙන්න තමයි ලෑස්ති වෙන්නේ.