වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

මෑතක දුටු හොඳම චිත්‍රපටය

ජයන්ත චන්ද්‍රසිරිගේ සමනළ සංධ්වනිය මෑත කාලයේ අප දුටු හොඳම චිත්‍රපටය බවයි මාගේ අදහස. එහි රඟන දමිතා අබේරත්නගේ රඟපෑම කෙටි වුවත් ඇගේ රංගනය ඉතාම ඉහළින් මනා ලෙස තම දර්ශනය ඉදිරිපත් කිරීමට සමත්ව ඇත. එමෙන්ම උද්දික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම ආරම්භයේ සිට අවසානය දක්වා දැහැනට සම වැදීමක් වන අයුරින් සමනළ සංධ්වනිය තුළ සිය හැකියාව කැපී පෙනෙන්ට දක්වා තිබේ.

සියලු අංශයන්ගෙන් සමනළ සංධ්වනිය විශිෂ්ට වුවත් එහි කුමාරි උද්‍යානය තුළ පෙන් වූ අනවශ්‍ය විකට ජවනිකාව සීමාව ඉක්මවා පෙන්වීමෙන් චිත්‍රපටයට යම් හානියක් සිදු වී ඇත.
 

මහනුවර උපනන්ද

අඟුලාන

පන්සලේ පියනම

ගරු මර්සලීන් ජයකොඩි පියනම 98 ජනවාරි 16 ස්වර්ගස්ථ විය. බෞද්ධයින් සහ බෞද්ධ භික්ෂුව අතර කොතරම් සහජීවනයෙන් එතුමා කටයුතු කළේ ද යත්, එතුමාව පන්සලේ පියතුමා නමින් අර්ථ ගන්වන ලදී.

උන් වහන්සේ මෙරට සාහිත්‍යයට කවිය, සංගීතයට, ගීතිකාවට, සිනමා ගීත රචනයට සහ පුවත්පත් කලාවට ඉටු කළ මෙහෙවර ඉතා ප්‍රශංසනීයයි. මෙම වසරට උන්වහන්සේ වියෝ වී අවරුදු 16 කි. මර්සලීන් පියතුමාව අප භක්තියෙන් සමරමු.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව

සෙත්ට සුබ වේවා

හත් වැනි උපන් දිනය සමරන මීගමුව සෙත් එෆ්. එම්. සේවයට සහ එහි ඇන්ටන් ජයමහ ප්‍රමුඛ සුදර්ශන, අසේල, සංජීව, සාලිංග, රුවන්, සුදර්ශි, නිසංසලා, සුදේශික, තාරුකා, ප්‍රබෝදිකා ඇතුළු සෙත් ටීම් එකට සුබ පතමි.
 

කැලිස්ටාස්

දකුණු වැලිහේන

කපටින්ගෙන් ප්‍රවේශම් වන්න

මෙලෝ රහක් නැති සිනමා සහ වේදිකා නාට්‍යයක් නිර්මාණය කළ ටෙලි නාට්‍ය දෙක තුනක රඟපෑ නමට පමණක් කලාකරුවකු මුලු කලා ලොවටම අපකීර්තියට පත් කරවන අමන පුද්ගලයකු යහතින් කලා ලොව තුළ සැරිසරයි. අලුතින් කරන ටෙලි සිනමා සහ වේදිකා නාට්‍ය සඳහා නවක නළු නිළියන් තෝරා ගන්නවා යැයි කියමින් නිතරම සම්මුඛ පරීක්ෂණ පවත්වා විශේෂයේ බාල දැරියන්ව තෝරා ගනිමින් ඔවුනට අතවර කිරීමට මාන බලන මොහුගේ කෙරුවාව රංගන ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකු දැන සිටියත් ඔවුන්ද මුනිවත රකිමින් සිටියි. ටෙලි සිනමා වේදිකා නාට්‍ය කලාවට මුවා වී සෙල්ලම පෙන්වන මෙවැනි කපටයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස රංගනයට පිවිසීමට බලා සිටින තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිමි.
 

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අධිකාරිමුල්ල

දූනගහ

කපිල දැන් හැම තැනම

සටන් චරිතවලට අමුතුම ආලෝකයක් ලබා දෙන දක්ෂ සටන් නළුවකු වූ කපිල සිගේරා දැන් අපට ඔබව සෑම නාලිකාවකම වගේ දකින්නට ලැබෙනවා.
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

සිවදාසන් ගැන යමක්

සහාය රසායනාගාර ශිල්පියකු ලෙස හැඳල විජය චිත්‍රාගාරයේ පුරා වසර ගණනාවක් තුළ තම සේවය චිත්‍රපට කලාව වෙනුවෙන් ලබා දෙමින් ඒ වගේම එතැනින් නොනැවතී ඔක්කොම රජවරු, හොඳින් නැතිනම් නරකින්, ඔබ මට විශ්වාසයි, දකින දකින මල්, දරුවනේ, දෝණි වැනි චිත්‍රපට රැසක් නිර්මාණය කරමින් සිංහල සිනමාවට නොමැකෙන නාමයක් සනිටුහන් කරන්නට දායක වූවා සේම පුවත්පත් කලාවේදීන් අතර ද ආදර වදනින් නිතර අමතමින් හිත හොඳ ශ්‍රී ලාංකේය කලා ශිල්පියකු ලෙස ඔබ ඉතිහාසයට එක්වේවා.
 

මිල්ටන් ප්‍රනාන්දු

උතුරු මූදුකටුව

දමිතාට මල් මිටක්

කලා දිවියට වසර තිස් එකක් පිරුණ මොහොතේදී ජනප්‍රිය නිළියක වූ දමිතා අබේරත්න විසින් ‘සසර සරණි’ නමින් ටෙලි සිතුවමක් අධ්‍යක්ෂණය කොට ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම මහත් සතුටකි. ඔබට අපෙන් මල් මිටක්.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

තටාකය පාර

S.M.S.

කලකට ඉහත විකාශය වූ අමන්දා නාට්‍යයේ කැතීගේ චරිතයෙන් රටම කුල්මත් කළ නදීශා නම් ඒ රංගන තාරකාවගේ රංගනයට සම කළ හැකි අයකු තවම දුටුවේ නැහැ. ඇය යළිත් රංගනයේ නොයෙදීම කණගාටුවකි.
 

සනත් කුමාර

බිබිල

නදීශා රංගානි අක්කේ ඔබ කෝරළේ මහත්තයා හි හොඳට රඟපෑවා. හරිම අහිංසකයි ඔයා.
 

නිලූකා

අවිස්සාවේල්ල

උදයකාන්ත වර්ණසූරිය මහත්මාගේ රන්කෙවිට 2 චිත්‍රපටය එතරම් හොඳ නැහැ කියූ නිසා මුලදී බැලුවේ නැහැ. නමුත් ගමේ සිනමාහල්වලට එය ආපුවාම නිකමට හිතිලා බැලුවා. ඒක ගොඩක් ලස්සනයි. ලංකාවේ 3 ඩී තාක්ෂණයේ වැඩකාරයෝ ඉන්නවා කියලා ඒක බලපුවාම ආඩම්බරයෙන් කියන්න පුළුවන්.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

වර්තමානයේ අගය කළ හැකි දක්ෂ රංගන ශිල්පීන් ලෙස සිටින්නේ බිමල් ජයකොඩි, ජගත් චමිල, රොෂාන් රවීන්ද්‍ර සහ උද්දික ප්‍රේමරත්න පමණි. අනිත් අය මෙලෝ රහක් නැහැ.
 

නුවන්

පන්නිපිටිය

රන්තරු නාට්‍යය ඉතාම ලස්සනයි. රන්තරු රන්තරුවක් සේ බැබලී වසරේ හොඳම නාට්‍යය වේවා.
 

තිලකා

තිලිනි

අයේෂා

කන්නිමහර

ඇත්තම කිව්වොත් පාලිත සිල්වා තමයි මේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න නිහතමානිම පුද්ගලයා. ඔහුව සෑම කෙනෙකුම අගය කළ යුතුයි.
 

මධුශිකා

සඳරුවනි

කඩුවෙල

ඉසිවර වෙදැදුරු කතා මාලවේ පෙක්යොන්, චංගුමීටත් දොයිටත් වඩා අපව පිස්සු වට්ටනවා. අනේ අතුල රන්සිරිලාල් මාමේ එයාව ලංකාවට ගෙන්වන්නකෝ.
 

ශර්මිලා

ගම්පහ

සිරස කළොත් වැඩක් සුපිරිම තමයි. මං එහෙම කිව්වේ ඉඳලා ඉඳලා ඉන්දියන් නාට්‍යයක් ගෙනාවා. ඒකේ නම ස්වප්නා. මරේ මරු. කොච්චර බැල්වත් එපා වෙන්නේ නැහැ.
 

කුරුණෑගල චමී

නිටා ප්‍රනාන්දු එදා වගේම අදත් ලස්සනයි. සිංහල සිනමාවේ දුහුල් මලට සුබ පතනවා මම.
 

වෙනුර

නුවර

අනුරුද්ධ ගාම්භීරආරච්චි කියන්නේ නිහතමානී පොළවේ පය ගහලා ඉන්න සුන්දර කලාකරුවෙක්.
 

අකිල මධු පසන්

ගාල්ල

සුජීව ප්‍රසන්න ආරච්චි ලියූ නවකතාවන් බොද මීදුම්, ඡායා, හිරු තනි වෙලා වගේම රන් තරු ඇසුරෙන් තැනූ ටෙලි නාට්‍ය ඉතාමත් කෙටි කලකින් ජනප්‍රිය වුණා. මොකක්ද ඒකේ රහස.
 

දිනේෂ් ප්‍රියංකර

මීගමුව

ලක්හඬ ගුවන් විදුලියේ විදුරංග ගුණසේකර ගොඩක් දක්ෂ ලෙස නිවේදන කටයුතුවල යෙදෙනවා. අන්න නිවේදකයෝ. එෆ්. එම්. ගිරවුන්ට හොඳ ආදර්ශයකි ඔහු.
 

දිල්රූ

සීගිරිය

අර්ජුන කමලනාත්ට,
පසුගිය වසරේ ඔබ ලැබූ ජයග්‍රහණ බොහාමයි. අර්ජුන අයියේ එවා ගැන හිතන්න. ජීවිතේ ලැබූ පරාජයන් ශක්තියක් කර ගන්න. ඔබට ජයවේවා. ඔබ තමයි දෙවැනි විජය අපේ.
 

සුමිත්

වතුරුගම

ප්‍රියන්ත මංසිළු හොඳම නළුවාට හිමි සම්මානය හිමිවීමට අත ළඟයි. තව තවත් නාට්‍යය ලැබී හොඳ චරිතයන් ඔස්සේ අප හමුවට එන්න. සිහින විලක් හි ඔබ රැගූ චරිතය මරේ මරු.
 

මහේෂ්

රාගම

උදාරි අක්කි, ඔයා ආයෙත් ටෙලි නාට්‍යයකින් අප හමු වේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔයා වගේ ලස්සන රුවක් මෑතකාලීනව මම නම් දැක්කේ නැහැ. ඔයාගේ පුංචි දුවවත් කවදාහරි රංගනයට එක් කරන්න.
 

දිල්ශානි ඒකනායක

මාතලේ

ප්‍රතිචාර ලියන්න කෙටියෙන්. එමෙන්ම රසවත් ඒ අදහස් ගලපන්න. ක්ෂණිකව ප්‍රතිචාර එවන්න 0752805047 අංකයට.

ලිපි මඟින් නම්

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්,
කොළඹ 10.

හුදෙක් සුබපැතුම්වලට අමතරව ක්ෂේත්‍රය ගැන හරවත් අදහසක් මෙම ඉඩකඩට බොහෝ සෙයින් වටියි.