වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් අවුරුද්දේ අලුත් මඟුල්

අලුත් අවුරුද්දේ අලුත් මඟුල්

2014 වසරේ අලුත් දිවියක් අරඹන්නට මුල පුරන ජෝඩු අතර ජෙනිෆර් ඇනිස්ටන් – ජස්ටින් තේරොක්ස්, කිම් කැඩේෂියන් – කන්යේ වෙස්ට්, කේට් පෙරී - ජෝන් මේයර් සහ බ්‍රැඩ් පිට් – ඇන්ජලිනා ජොලී සිටිති. වැඩි දෙනෙක් දැනටමත් විවාහ නොවී විවාහ දිවියක් ගත කරන අයයි.

වසරේ තාරකා මංගල්‍යයේ මුල්ම පියවර තබා ඇත්තේ ස්පාටකස් නළු ලියම් මැක්ඉන්ටයර්ය. ඔහු සිය දිගුකාලීන පෙම්වතිය, නිළි ගායිකා එරීන් හසන් සමඟ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දී අතිනත ගත්හ.

තිස් එක් හැවිරිදි ලියම් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ස්ටාර්ස් රූපවාහිනියෙන් විකාශය කළ ස්පාටකස් නාට්‍ය මාලාවෙනි. ඔහු රැඟූ හර්කියුල්ස් : ද ලෙජන්ඩ් බිගින්ස්, ද ඩ්‍රීම් චිල්ඩ්‍රන් මේ වසරේදී තිරගතවීමට නියමිතය.