වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




විහාර මහා දේවිත් සිනමාවට එයි

විහාර මහා දේවිත් සිනමාවට එයි

විහාර මහ දේවියගේ චරිතය ඇසුරෙන් නිර්මාණය වන සිනමාපටයක මුහුරත් උළෙල පසුගියදා බොරැල්ල සුදර්ශී ශාලාවේදී පැවැත්විණ. මේ යුගයේ ජනප්‍රිය නිළි ඉෂරා සඳමිණි එහි විහාර මහ දේවියගේ චරිතය නිරූපණය කරනු ලබයි. විහාර මහ දේවී යනුවෙන් නම තබා ඇති එහි අනෙකුත් චරිතයන් ශ්‍රියානි අමරසේන, සඳුන් විජේසිරි, ඩී. බී. ගංගොඩතැන්න ඇතුළු පිරිස රඟති.

මෙය වී. උපුල් සුදත් පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. ගාමිණී කොස්තා අංග රචනයෙන් එක්වෙයි. හිමාල් සජීව පෙරේරා සහ උපුල් සුදත් පෙරේරා විහාර මහ දේවි සිනමාපටය නිෂ්පාදනය කරනු ලබයි.