වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් සෝමට වකුගඩුවක් ඕනෑ

සුනිල් සෝමට වකුගඩුවක් ඕනෑ

ජනපි‍්‍රය චිත්‍රපට අධ්‍යක්‍ෂ සුනිල් සෝම පීරිස් මහතාට ‘ඕ පොසිටිව්’ හෝ ‘ඕ නෙගෙටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. 077-4921942 / 077- 5506002 හෝ 011-2843000 යන දුරකථන අංකවලට මේ සම්බන්ධ තොරතුරු දැනුම්දිය හැකිවේ.

දීර්ඝ කාලයක් සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතුකර ‘මමයි රජා, ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, ඔබටයි පි‍්‍රයේ ආදරේ’ වැනි අතිශය ජනපි‍්‍රය චිත්‍රපට ඇතුළු මෙරට වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්‍ෂණය කළ සුනිල් සෝම පීරිස් ටික කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියි.

බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට තැනූ ඔහු චිත්‍රපට කිහිපයක චරිත නිරූපණයේද යෙදිණ. ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර හිත හොඳ මිනිසකු ලෙස පතල සුනිල් සෝමට ඉක්මන් සුවය ලැබේවා යැයි ‘සරසවිය’ ප්‍රාර්ථනා කරයි.