වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




Master Blaster ගේ නොබිඳෙන වාර්තාව

Master Blaster ගේ නොබිඳෙන වාර්තාව

රෝයි ද සිල්වා අපේ සිනමා ක්ෂේත්‍රෙය් සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. සිංහල සිනමාවේ ඉංග්‍රිසී චිත්‍රපට නිර්මාණයේදී රෝයිට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. ඒ අතර ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් රෝයිගේ පළමු ඉංග්‍රීසි චිත්‍රපටය.

එහි දෙවැන්න නිර්මාණය කරන්නත් රෝයි අමතක කළේ නැහැ. ඒ අනුව තමයි පසුගිය වසරේදී ඔබට ඉට්ස් අ මැටර් ඔෆ් ලව් චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබුණේ. ඒක අපේ සිනමාවට සුවිශේෂ කරුණක්.

මෙතෙක් මෙරට අධ්‍යක්ෂවරයෙක් නිර්මාණය කළ ඉංග්‍රිසි චිත්‍රපටයක දෙවැනි චිත්‍රපටයක්ද නිර්මාණය වු පළමු සහ එකම අවස්ථාව වන්නේද එයයි.

ඒ වාර්තාව නම් සෑහෙන කාලයක් ගතවත තෙක් කාටවත් කඩන්න බැරි එකක් වේවි.