වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




දෙන්නාගෙන් කවුරුද?

දෙන්නාගෙන් කවුරුද?

එක හා සමාන දක්ෂ, එක හා සමාන කඩවසම් දෙදෙනකු සිටියදී එක් අයකු තෝරා ගැනීම අධ්‍යක්ෂවරුන්ට බොහෝ විට අභියෝගයකි. මෙවර ඒ දුෂ්කරතාවට අධ්‍යක්ෂවරුන් පත් කරන සොයුරන් වී සිටින්නේ බෙන් අෆ්ලෙක් සහ කැසේ අෆ්ලෙක්ය. මාක් රොමැනෙක් අධ්‍යක්ෂවරයා මේ උභතෝකෝටික ප්‍රශ්නයට පිළිතුර කෙසේ හෝ සොයා ගත්තේය. ඔහු කැසේ අෆ්ලෙක් අවසානයේදී ‘බොස්ටන් ස්ට්‍රෑන්ග්ලර්’ සිනමාපටයට බෙන් අෆ්ලෙක් වෙනුවට තෝරාගෙන තිබේ.

බෙන් හතළිස් එක් හැවිරිදි ඔස්කාර් සම්මානලාභී නළුවෙකි.

කැසේ අෆ්ලෙක් තිස් අට හැවිරිදි ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ නළුවෙකි.