වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




පොඩි බඩගින්නකට, තක්කාලි ඇලජික්

පොඩි බඩගින්නකට, තක්කාලි ඇලජික්

පසුගිය දවසක අපේ ටෙලි නාට්‍ය කණ්ඩායමක් ෂූටිං ඉවර වෙලා නිවෙස් බලා එන්න පිටත් වුණා. මේ පිරිස අතරේ සිටි රංගන ශිල්පිනී මල්කාන්ති ජයසිංහ ට පොඩි බඩගින්නක් ඇති වුණා. ‘අද මං ගානේ කන්න මොනවා හරි අරගෙන දෙනවා’ කියලා මල්කාන්ති කියනවාත් සමඟම වෑන් එක කෑම කඩයක් ළඟ නතර කළා.

ටිකක් රෑ බෝවෙලා නිසා ඒ කඩේ තිබුණේ ආප්ප විතරයි. ඔන්න දැන් හැමෝටම කන්න ආප්ප ගේන්න කිව්වා. වේටර් ඇහුවේ ආප්ප කන්න මොනවද ඕනේ කියලා. ලුණු මිරිස් තමයි මල්කාන්ති ගෙත් කැමැත්ත වුණේ. දැන් ආප්ප සමඟ ලුණු මිරිස් සූදානම්.

‘ලුණු මිරිස නම් හරිම රහයි’ කණ්ඩායමේ කෙනෙක් එහි රසය සඳහන් කළා. ‘තක්කාලි දාලා. ඒ නිසා තමයි මේ රස’ තවත් කෙනෙක් කතාවට එකතු වුණා. මේ කතාව අතරේ ආප්පයි ලුණු මිරිසුයි හරිම ආසාවෙන් කාපු මල්කාන්ති දැන් ආප්ප විතරක් කනවා.

‘ඇයි අක්කේ ආප්ප නිකං කන්නේ. මේ ලුණු මිරිස් ටිකක් දා ගන්න. ඔයාමනේ ගේන්න කිව්වෙත්. කණ්ඩායමේ හිතවතෙක් මල්කාන්තිට කිව්වා. නෑ... මල්ලී මෙහෙම හොඳයි කියමින් දැන් මල්කාන්ති ලුණු මිරිස් නැතුව ආප්ප කනවා. කට්ටියටම දැන් මේක ප්‍රශ්නයක්. ටික වෙලාවක් යනකොට තමයි තේරුණේ මල්කාන්තිට තක්කාලි ඇලජික් ලු.