|
සුනිල් සර්ගේ චිත්‍රපටයක රඟපෑමේ සිහිනයක් තිබුණාරුවි ලක්මාලි
* ඇයි ඔබට රාධා විශේෂ? හේතු කිහිපයක්ම තියෙනවා. කාලයක් තිස්සේ මට හීනයක් තිබුණා සුනිල් සර්ගේ චිත්‍රපටයක රඟපාන්න. ඒත් එක්කම තවත් හීනයක් තිබුණා ඓතිහාසික චිත්‍රපටයක හොඳ චරිතයක් කරන්න. ඒ හීන දෙකම එක සැරේම ඉටු වුණා. ඒකයි මට රාධාගේ චරිතය මෙතරම්ම විශේෂ. * කොහොමද ඔබට යශෝධරා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වන්නේ? මට සුනිල් සර් පැවැත් වූ තිර පරීක්ෂණයකට සහභාගී වන්නට ලැබුණා. ඒ වන විටත් බහුතරයක් නළු නිළියන්ව ඔහු තෝරාගෙන. ඒත් සුනිල් සර් මගේ පෙනුමට කැමැති වෙලා මට රාධාගේ චරිතය දුන්නා. * සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් ඔබ අවසන් වතාවට නැරඹූ චිත්‍රපටය මොකක්ද? පත්තිනි තමයි. * ඔබට වැඩිපුරම රඟපාන්න තිබුණේ ඉන්දීය නිළි පල්ලවි සුභාෂ් එක්ක. කොහොමද ඇයත් සමඟ කළ රංගනය ඔබට දැනුණේ?
* පල්ලවීට ඔබ සිංහල උගන්වන්න හැදුවේ නැතිද? අයියෝ නැහැ. සිද්ධාර්ථ චරිතය කළ නළුවා නම් සිංහල සිංදු කිය කිය හිටියා. පල්ලවී නම් එහෙමවත් කළේ නැහැ. * මේ දිනවල ඔබ සිටින ටෙලි නාට්‍ය විකාශය වනවාද? ඔව්. ඒක තමයි ප්‍රදීප් ධර්මදාසගේ දෙයියන්ගේ රටේ. ඒ වගේම හරස් පාර කියලා නාට්‍යයක් විකාශයවීමට නියමිතයි. * ඔබ රඟපාන්න ඇවිත් කොපමණ කල්ද? වසර අටක් විතර ඇති. * මේ කාලය අතරතුර ඔබ ලැබූ ජනප්‍රියත්වය ගැන සෑහීමකට පත් වන්නට පුළුවන්ද? අනිවාර්යයෙන්ම. මේ කාලය අතරතුරදී මං නාට්‍ය තෝරා බේරා ගෙන රඟපෑවේ. ජනප්‍රියත්වය පස්සේ ගියා නම් මට තව නාට්‍ය බොහොමයක ඉන්න තිබුණා. ඒ හින්දා මාගේ ජනප්‍රියත්වයත් මීට වඩා වැඩි වේවි. නමුත් මට ඕන කළේ ජනප්‍රියත්වය තකා වැඩ කරන්න නෙවෙයි. හොඳ නිර්මාණවලට දායකවීම පමණයි. * නිළියක් වීම ගැන ඔබ සතුටුද?
* ඔබව මෙගා නාට්‍යවල දක්නට නැත්තේ ඇයි. ඒ මෙගා නාට්‍යවලට ඔබ අකැමැති නිසාද? කැමැති අකැමැතිකමට වැඩි වෙන දෙයක් එතැන තියෙනවා. මං ආස නැහැ එකම දර්ශන තලයක දිගු කාලයක් කොටු වෙන්න. එතකොට ඒකාකාරී වෙනවා. ඒකයි මෙගාවලට යන්නේ නැත්තේ. * ඉදිරියේදී රඟපාන්න කැමැත්තෙන් සිටින චරිතයක් තියෙනවාද? පොලිස් කාන්තාවක හෝ මෙහෙණින් වහන්සේ කෙනකුගේ චරිතයක් රඟපාන්න ආසයි. ඒ චරිත දෙකෙන් එකක් හෝ ඉදිරියේදී රඟපාන්න ලැබේවා කියා පතනවා. * ඔබේ සැමියා ක්ෂේත්‍රයෙහි කෙනෙක්. ඔහු ගැනත් මතක් කරමු? ඔහු ප්‍රසාද් නාකුළුගම. සහාය අධ්‍යක්ෂවරයකු සහ අධ්‍යක්ෂවරයකු විදිහට ඔහු වැඩ කරනවා. මට නිළියක් විදිහට ඉදිරිය දකින්න ඔහු ලබාදෙන සහාය අපමණයි. අපි දෙන්නා දැන් මාලඹේ පදිංචි වෙලා ඉන්නේ. * නව පරපුරේ රංගන ශිල්පිණියක විදිහට ෆේස්බුක් ගැන මොන වගේ මතයකද ඉන්නේ? ෆේස්බුක් කියන්නේ හොඳ මාධ්‍යයක්. ඒ හරහා මට විදෙස් රටවල ෆෑන්ස්ලා ගණනාවක් ඉන්නවා. ඔවුන් මට ප්‍රතිචාර දක්වන්නේ ෆේස්බුක් හරහා. මට නම් ෆේස්බුක් අත්‍යවශ්‍ය දෙයක් වෙලා.
|